බව්.... බව්.... බව්.......
උදේ ඉර එලිය ජනේලෙන් තමන්ගේ මූණට වැටෙන කොට නම් නෙවෙයි මේ ජන්කුක් ඇස් දෙක අරින්නේ.. ගෙදර ඉන්න ජුන්කියා නොහොත් හස්කියා ජන්කුක්ගේ කාමරේ එලියේ ඉදලා උදේ පාන්දර ම බුරන්න පටන්ගත්ත නිසා...හේරී ආපු දවසේ ඉදලා ජුන්කියා කොරපු ලොකුම රාජකාරිය කූගේ කාමරේ ලගට වෙලා මහ හයියෙන් බුරපු එක විතරයි...
"මූ බල්ලෙක් ද කුකුළෙක් ද මන්දා... මාව ම කන්න ආපු නරියෙක්... " කූ ඇහැක් පොඩි කරන ගමන් හිතින් හිතුවා...ඇත්ත තරහ යන එක සාධාරණයයි තව ටික වෙලාවක් හේරීව තුරුලු කරගෙන ඉන්න තිබුණු චාන්ස් එක තමයි බල්ලා නැති කරලා දැම්මේ...
කොට්ට මැද්දෙන් තියලා තාප්පයක් හදපු හේරී ම කුගේ පැත්තට ඇවිත් කූගේ නිරුවත් පපුවත් තුරුලු කරගෙන සැපට ම නිදි.. කූ කටකොණින් හිනාවෙවී හේරී දිහා බලාගෙන හිටියා...මොකද හේරී නෙවෙයි කොට්ට මැද්දෙන් පැනලා කූ ගාවට ආවේ.. හේරී කොට්ටයක් තුරුලු කරගෙන නිදාගෙන ඉද්දී ජන්කුක් කලේ ඉතුරු කොට්ට ඔක්කොම ඇදේ එහෙට මෙහෙට විසි කරලා දාපු එකයි.. ඊටපස්සේ ඉතින් හේරීව හෙමිහිට තමන්ගේ ලගට ඇදලා අරගතපු එකයි..
" මම ඉද්දී මෙයැ යි මොකෝ කොට්ට බදාගෙන ඉන් නේ..."
කූ ඒ වෙලාවේ එහෙම හිතුවා....
ජුන්කියාගේ බිරිල්ල නිසා ම හේරීත් අවදි වුණා...කූගේ ලග හිටපු නිසා එකපාරට ම ෂොක්වුණු හේරී අනිත් පැත්තට කූගෙන් ඈත් වුණා...
"තමුන් ඇයි මගේ පැත්තේ...."
"මම ද බබා දැන් ඔයාගේ පැත්තේ හිටියේ ....."
හේරී වටපිටාව නිරීක්ෂණය කලා...හේරී හිටියේ කුගේ පැත්තේ කියලා හේරීට ම තේරුණා..ලැජ්ජ නිසා ම හේරී කටපියාගෙන ඉන්න තීරයණ කලා...ඒත් කූ...
"ඔහ්.. කොහොමද කිව්වේ...එන්න එපා ලු කොට්ට තාප්පෙන් මෙහා පැත්තට..."
"මහ රෑ කොට්ට ඔක්කොම එහෙ මෙහෙ දාලා.."
"මාවත් බදාගෙන නිදාගෙන..."
කූගේ උපහාසාත්මක හිනාවත් එක්ක කියන්න පුලුවන් ඔක්කොම කතා හේරීට කියද්දී හේරීට හිතුණා වලක් කපලා වැලලෙන්න..ඒත් හේරී දන්නව නම් ඇත්තටම වුණේ මොකක්ද කියලා... කුට නොමිලේ වලක් කඩාගන්නත් පුලුවන් කමක් තිබුණා....