" සුදුමැනිකෙයා කෝ බං..? කුනුහරුප කතාවක් කියන්නවත් එකෙක් නැතුව මූසලයි මේක. " මිහිරාන් ඇදෙහි හිඳගත්තේය. ලවන්ගේ නේවාසිකාගාර කාමරයට පොහෝ දින රෑ තරුණයන් රැස් වූයේ කණ්ඩායම් පැවරුමක් සඳහා වෙන්ව තිබූ කාලය නිමව යමින් ඇතත් කාර්යයයෙන් අඩක්වත් තව නිමව ගොස් නැති බව ලවන් පුනපුනා මතක් කර වදදෙන්නට ඌ නිසාමය." ඌ වොශ් රූම් ගිහින් විනාඩි විස්සක් ඇති දැන්.. ශාරුවා ගිහින් ඊටත් වැඩී.. මුං දෙන්නා ඒක අස්සෙ පයිකොටනවද මංදා පොඩ්ඩක් ඔලුව දාල බලන්න වෙයි. "
" ඇයි තොගෙත් කොටාගන්න ආස හිතිලද? මේ මෙන්න මෙහාට ඇවිත් වැඩක් කරපං. "
" මොකද තෝ කට පිහ පිහ එන්නෙ... ටොයිලට් අස්සෙ රිංගගෙන මොනවද කෑවෙ කියපිය පරයා.. " කට කොනේ හිනාවක් සමඟ රිශාන් අසලින් හිදගත් සඳක් දුරකථනය අතට ගත්තේය.
" කෑවා වම්බොටු මෝජු.. ඇයි ඕනද? "
" ආරුශයගෙ වම්බොට්ට තමා මුට කන්න තියෙන්නෙ දැන්. රෑ එලිවෙනකල් කන්න ගෙනාපුවා මූ පැය බාගෙට පතබාගත්තා ඇකිලිල හිටියට. ඇගේ මස් කදුලක් නැති උන් තමයි පෙරේතම කියන කතාව මූ කන කෑම දකිනකල් මං විශ්වාස කරේ නෑ බං.. සිරාවට.. "
" ආරුශයගෙ වම්බොට්ට ලොකු වැඩී.. තනියෙන් කාල ඉවර කරන්න බෑ මට.. "
" ආහ් හා හා.. ඒ කියන්නෙ උබ උගෙ වම්බොට්ට දැකල තියෙනවා.. "
" ඒ විතරක් යැ රහ බලලත් තියෙනවා.. "
" මුගෙ කට අවුස්සගන්න එපා බං ඊලඟට අර මෝල් කැරියත් ෆෝම් වෙන්න ගත්තම මෙතන වැඩක් කරන්න එකෙක් නෑ.. " බැරිම තැන හඩ විවර කළ මහීම ලවන් ට රැව්වේය.
" සඳක් උබ නිදාගන්නද ආවෙ කියහං! "
" සුදුමහත්තයා මගෙ ටිකත් කරනවා කීවනෙ.. තෝ වහපිය කට.! "
ලවන් මදක් සිතුවේය. සයනයේ කුස මත දිගා වී දුරකථනය ඔබන සඳක් දෙස ඔහු බලා සිටියේය.. " වෙලාවකට හිතෙනවා මූ විහිලුවෙන් කියල දාන්නෙ ඇත්තමද කියල.. "
" මොනාද මගෙ මැනිකෙ කියන්නෙ? " ආරුශ් ඇදේ කොනක හිදගත්තේ සඳක්ගේ පසුපසට අතින් පහරක් ගසමින් සිය දුරකථනය ඔහු අතින් උදුරාගනිමිනි.