බීල බීල හතරගාතෙන් ගෙට ගොඩවවෙනකොට දෙහි බෑ දෙකක් ගෙනල්ලා ඔලුවෙ අතුල්ලා දෙහි එකක් හදන් ඇවිත් පොවන අහිංසක කොල්ලෙක්... මිතුර, මා මේ දකින්නේ ස්වප්නයක්ද?
දෙයියොත් දෙන්න පටන්ගත්තම ටොකු ඇන ඇන උඩ පැන පැන වගේ දෙන්නෙ. හ්ම්ම්... මොන පෝරියල් පාරක් ඊලඟට සෙට් වෙන්න යනවද දන්නෑ.
" තව නලෝපං... උබම හින්දා හොදයි ඉතින්.. " කමලක්කා පොඩි එකාට බොරුවට රැව්වා.. ඒකිත් අපි දෙන්නගෙ මේ සීන් කෝන් බලන් ඉන්න හෙන ආසයි.. ගෑනුත් මහ මාර එවුන් තමා අප්පා..
" බත් එක වහල ඇති.. දෙන්නටම එකයි බෙදුවෙ. "
" උබ.. කෑවෙ නැද්ද තාම.. කමලක්කා..? "
" මං කෑවා. මෙන්න මූ තමා බලන් හිටියෙ අයියා ආවම කනවා ගගා. "
මගෙ පපුව මොකද්දෝ වුණා. වෙලාව දොළහටත් පහුයි. මං නැගිටල බිම ඉදන් මහෙ යටිපතුල්වල දෙහි අතුල්ල අතුල්ල ඉදපු කොල්ලට ගැහුව පයින් පාරට ඌ කමලක්කගෙ ඇගේ වැදිල නැවතුණේ..
" උබට මොකද්ද වෙලා තියෙන්නෙ පෘත්වි!- "
කමලක්කා මට රැව්වෙ බිම ඉදපු කොල්ලව නැගිට්ටලා ඇගේ ගෑවිලා ඇත්තං දූවිලි පිහදාන ගමන්. ගෙයි හරියෙ දූවිලි පොදක් නැති බව ඒකිත් දන්නවා.. කොල්ලා ගෙට ගොඩ වුණ දවසෙ ඉදන් ගේ විතරක් නෙවෙයි ලේන් එකම සිරියාවයි.. කොයි වෙලේ බැලුවත් මොකක් හරි හෝදන ගමන්.. වෙන එකක් තියා රෙදි කෑල්ලක් පොගව පොගව බිත්තියෙ තිබ්බ පැල්ලමුත් එක්ක මූ පිහදානවා මං බලාගෙන.
" කවුද තොට කිව්වෙ මං එනකල් නොකා නොබී ඉදපං කියලා?!.. "
ඇඩෙන්න වගේ ආව ඇස් මං නවත්තගත්තෙ රතු වෙනකල් තරහ පෙන්නලා.. ඇයි මට එහෙම කරන්නෙ?.. ඇයි මගෙ පපුවට දරාගන්න බැරි හැඟීම් ගේන්නෙ?! මාව අතරමං කරලා ඒ ආදරෙන් පුරෝපු පපුවටම දුකත් පුරෝලා මාව මරල දාන්නද?! දෙනවනම් දුක විතරක් දියන් පරයො.. දරාගන්න බැරි තරං ආදරේ දෙන්න එපා, මේ පපුව අස්සෙ ඉඩ නෑ.. මං මැරෙයි..
" ගෙනෙන් බත් එක! " මගෙ කටට කොල්ලා ගැස්සුනා. ඇස්වල කදුලු පුරෝගෙන බලන් හිටියෙ කිසි දෙයක් තේරුම් ගන්න බැරුවම වෙන්නැති..