සඳක් ☪︎ ִ ֶ֢࣪⋆ - 07 -

563 91 9
                                    

warning : නරක වචන තියෙනවා... ඔය අහිංසක ළමයි ඒම කියෝනව නෙවේ 😑

" සුද්දා.. මොකද්ද ඕයි නල්ලට වුනේ?! රුදාවට නටෝල වද්දගත්තද කොහෙහරි?! "

සතියකට පෙර ඇති වූ කෝලහාලවලින් පසුව සඳක් නිවසටම ඇරලන්නටත්... දොරකඩින්ම යතුරුපැදියට ගොඩ කරගන්නටත් රුශාල්ගේ අවසරය ආරුශ්ට ලැබී තිබුණි.

නිවසේ ගේට්ටුව අභියසදීම තුරුලට ඇද හිසකේ පිටුපසට කර නළල් තලය පිරික්සන ආරුශ්ගේ මුහුණේ රැදුණේ දෙකඩව ගිය හිස්කබලක් දකින නවයොවුන් යුවතියකගේ ඇස්වල රැඳෙන ආකාරයේ භ්‍රාන්තයකි. " තුවාලත් එක්ක.. අනේ කියනවා ඕයි.. මොකද්ද කරගත්තෙ? තව තුවාලද? ආයෙත් අවුස්සගත්තද අහක යන ජරාවක් කොහෙන් හරි ගොඩට ඇදල අරන්?! මොකද්ද ඕයි සඳක් වෙලා තියෙන්නෙ- "

" හයියෝ ආව් හුත්තො කන..! මේ එහෙම රෙද්දක් නෙවෙයි.. අයියා ගැව්වා.. "

" රුශාල්?! "

" ඒ පකාල් තමා.. හුත්තිගෙ පුතා.. "

" සඳක්- "

" හරි අනේ.. "

" තමුසෙ මොනාද කළේ?... අපේ රිලේශන්ශිප් එක ගැනවත්-... "

" ඔව්.. කිව්වා.. රුශාල් පකා ඇර අනිත් ඔක්කොම ශේප්.. අරූ තෝ මරන්න හොයනවා අන්න.. කැත්තක් අරන් උදේ ඒ පැත්තෙ ආවා හම්බුනැද්ද? "

" සිරාද සඳක්?... තමුසෙ මට තඹ සතේකට ශුවර් නෑ. "

" අර පෝස්ට් එකට අනේ.. ජංගි වැල කියල දැම්මෙ.. " ආරුශ් ඇහිබැම එකට යා කරගෙන මොහොතක් සිතුවේය. තමා සේදූ රුශාල්ගේ යට ඇදුම් වැලක වනා එහි ඡායාරූපයක් සඳක් විසින් ෆේස්බුක් හි පලකරනු ලැබ තිබුණේ ය.

' අයියගෙ ජංගි වැල.. හිලක් ගානෙ සබන් ගාල හේදුවා. මේ වගෙ මල්ලිල වාසනාවන්.. නැද්ද @Rushaal චූටි අයියෙ.. '

මධ්‍යම රාත්‍රියේ බඩ අල්ලාගෙන ඇදේ පෙරලෙමින් කොට්ටය හපාගෙන සිනාසුණු හැටි ආරුශ්ට මතක් විය.

" තමුසෙත් මහ... ගැහුවද ඌ? " රුශාල් ගැන කෝප ගැනීමේ ද සාධාරණයක් නැත. සඳක් යනු ඇම්බැට්ටයෙකි. ගුටියක් ගානේ සාධාරණ බව ඔහු දැන සිටියත් සුදු නළල ඉදිමී රතුව සම උඩට ඉලිප්පී තිබෙනවා කෙසේ ඉවසන්නද?

ඇසතු බෝපත් | His Tears Are Heavier  | BLWhere stories live. Discover now