" අයියේ... ෆේස්බුක් හදන්නෙ කෝමද? "
" කෝ දෙන්න.. හදල දෙන්න.. "
බිබී ඉදිය ඔරේන්ජ් ජූස් එක පැත්තක තියලා මං ඇදේ ඉදගත්තා. " සුදූ.. හදාගත්තට කමන්නෑ... ෆේස්බුක් එකේ ඉන්නවා විවිධාකාරයෙ පිස්සො. ඇඩ් කරගෙන අහුවෙන්න එපා අදුරන්නැති උං. ඊටපස්සෙ මමයි නරක කියන්නෙපා.. "
නියපොතු හප හප කොල්ලා ටිකක් කල්පනා කරා.. ඊටපස්සෙ මගෙ කොන්දට ඔලුව තියාගත්තා.. ඒ වෙද්දි මං ෆේස්බුක් අකවුන්ට් එක හදලා ප්‍රොෆයිල් ලොක් කරලත් ඉවරයි.. බෝ බබා සුදු අත් දිග ශර්ට් එකක් ඇදන් ගල් ශෝටක් ගහල ඉන්න ෆොටෝ එකක යට ටික ක්‍රොප් කරලා බෝ ගෙ ෆෝන් එකට එවලා ඒක ප්‍රොෆයිල් එකට දැම්මා..
" එක්කො ෆේස්බුක් ඕන්නෑ.. "
" ඇයි..? "
" නිරූට වගේ මට ගුටිකන්න වෙයි. "
" ඒ මොකද..? "
" ගිම්හාන අයියා නිරූට ගැහුවෙ ෆේස්බුක් හින්දා නේද..? "
" ඌ ගුටිකන්නෙ ඕන්නැති වැඩ කරලනෙ. ඔයා ඕන වැඩ විතරක් කරන්න. ප්‍රොෆයිල් ලොක් කරල තියෙන්නෙ. අනවශ්‍ය මිනිස්සු ඇඩ් කරගන්න එපා. "
" මට එහෙම යාලුවො ගොඩක් නෑ. "
" ඉන්න ටික ඇඩ් කරගන්න ඉතින්. ඉන්ස්ටත් හදල ඕනද? "
" එපා.. තාම මං ඕවා දන්නෑ මොකුත්.. "
අවුරුදු 19 ක කොල්ලෙක් මේ මොකුත් දන්නෑ කිව්වම මට ටිකක් පුදුමත් හිතුණා.. හරි.. උට ෆෝන් එකක් ගන්න සල්ලි නෑ. ඒත් යාලුවො යූස් කරන්නැද්ද? ඉදපු ගෙදර අයියා කෙනෙක් ඉන්නවා කිව්වෙ.. ඌ පාවිච්චි කරන්නැද්ද? ඇරත් ඕලෙවල්වලට විතරයි ඉගෙනගත්තා කිව්වෙ..
කොල්ලව මං පපුවට අරන් ඇදේ දිගා වුණේ ෆෝන් එක පැත්තකට දාල.
" බෝ.. මැනික.. " ඒත් කොහොමද අහන්නෙ මං..? කොල්ලගෙ හිත රිදෙයි. අධ්‍යාපන සුදුසුකම්වලින් මට වැඩක් නෑ.. මං කියුරියස්.. එච්චරයි.
ඒ හින්දා එහෙම්ම බෝ ගෙ ඔලුව ඉබලා මං නිකන් ඉදියා..
"... අයියෙ.. "