" බෝ.. මොනාද රෑට හදන්නෙ කඩෙන් කමුද? "
බෝෆක් බෝෆක් නෝෆක් ගගා ඉන්නවට වඩා ලේසියට බෝ කිව්වම මුගෙ කම්මුල් රතු වෙලා ගිය විදියට මට ගිලින්න හිතුනා මගෙ කොල්ලව.. හදපායගෙන එන දිහා බලාගෙන පිලිකන්නෙ දලු තුන හතර දාගෙන එන පැලවලට බෝපත් වතුර දානව බලන් ඉන්න එක සත්තයි භාවනාවක්. එක පැලේක දල්ලක් දල්ලක් ගානෙ දහ පහලොස් වතාවකට වඩා අතගගා... ඒවට තියෙන සැප දැක්කම වල් ගහක් උනත් සැපයි කියලා හිතෙන ගනං.. කුස්සියෙ අලු දාපු අලුගොඩටත් කොම්පෝස්ට් දාල පුරෝල මූ මල්වලින් මිදුල් පිලිකනු වහලා.. වාසනාවන්ත අත්වලින් අල්ලපු එක ගහකවත් පොහොට්ටුවක්වත් නෑවිදින් තිබුන්නෑ.
දැන් දැන් රෑටවත් රස්තියාදු ගහන්න යන්න හිතුන්නැත්තෙ ඒකද මංදා...
" මං බත් උයන්නං අයියා.. ඔයා බන්ඩක්කා කනවද? "
කොල්ලා කුස්සියට ගොඩ වුනේ ටැප් එකෙන් අතපය සෝදන්. කුස්සියෙ ලයිට් එක දාල ලිපේ අලු අස් කරන්න ගත්තා
" ඉදකිං.. බන්ඩක්කා කන්න?! මේ පෘත්වියා? " මං ගිහින් එලෝලු කූඩෙ පිරික්සල බැලුවා.. තියෙන්නෙ වේලිච්ච ගෝව ගෙඩියකුයි.. පිපිඤ්ඤා ගෙඩි දෙකකුයි බන්ඩක්කා කරල් පහ හයකුයි විතරයි.
" මොනාද බං.. දවල් තිස්සෙම මල් පැලේම අතගගා ඉන්නෙ ගෙදර අඩුපාඩු බලලා කියන්නෙපෑ.. "
" ........... "
" ආහ් ආහ්.. රෑට පීසා පාරක් දාමු. "
" අයියා බයික් එකෙන් වැටිල කකුල තුවාලවෙල හිටියා කියල ලොකුඅම්මා කිව්වා. බන්ඩක්කා හොදයිලු ඕවට.. මං රසට හදල දෙන්නං... අයියා සල්ලි නාස්ති කරන්න ඕන්නෑ. "
යකෝ වචන දහයකට වඩා එකපාර කතා කරා නේද? සිරාවට පුදුම හිතුනා.. කතා නොකර ඉදලමද මංදා කටහඩත් තොත්ත බබෙක්ගෙ වගේ.. දෙයියනේ මගෙ කකුල හින්දලු නේද බන්ඩක්කා හදන්නෙ මයෙ කොල්ලා.. බන්ඩක්කා නෙවෙයි අලි මඤ්ඤොක්කා මුල් තම්බලා දුන්නත් ගිලින්නං සුදා ඔය අත් දෙකෙන් නම්..
ඇතුලෙ ඉන්න ගොන් නාම්බා එලියට පැනල ඉවරයි.. දැං ඉතින් ලැගපිය පෘත්වියො මඩේ..