සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆ - 01

2.2K 161 27
                                    


සඳක්.. ☪︎ ִ ֶ֢࣪⋆

01.

මැදියම පහව යමින් තිබුණත් විඩාබර දෙනෙක් නින්දක් දකින වරම් ලබා නොතිබුණි.

ඔහු විශාදයෙන් නොපෙලුණේය.

ඔහු විශ්වවිද්‍යාල සිසුවෙකු වුවත් අධ්‍යන කටයුතු මහ ඉහළින් හිසට ගෙන නොතිබුණේය.

පෙම්වතෙකු සිටිය ද ඔහු කෙටි පණිවිඩ හුවමාරු කරමින් නොසිටියේය.

ඇස් සිපගන්නට ඉල්ලා වැඳවැටෙන නින්දට පසුපසට පයින් ගසා එලවා ඔහු කළ වැදගත් කර්තව්‍යය නම් මුහුණුපොතේ ඉබාගාතේ උඩ පහළ යාම ය.

' රන්කඳ තාම පැල් රකිනවද නිඳි නැතුව 😒? '

උඩින් පැමිණි වට්ස් ඇප් පණිවිඩය මුහුණු පොතට ද එබිකම් කළේය. ආරුශ් පාඩම් කර අවසන්ව ඇති සෙයකි. වේලාව පාන්දර එකට ලඟ ය. සඳක් විඩාබර දෑස ඇගිලිවලින් පොඩි කළේය.

' oy nidgnn ' වට්ස් ඇප් යෙදුම වෙත නොගොස් ම ඔහු පිලිතුරක් සටහන් කළේය. තත්පරයක් ගත වන්නට පෙර තවත් කෙටි පණිවිඩයක් ආවේය.

' Answer krnn '

ඒ සමඟම ඇමතුමක් එමින් තිබුණේ ය. සීතලට කොට්ටයක් කකුල් අස්සේ ගසාගෙන තව එකක් බදාගනිමින් ඔහු දුරකථනය කනට ලං කළේය.

" මොන දුකක්ද බං විදින්නෙ.? පෙර කරපු කර්මයක් ගෙවනවද? "

" fb හිටියෙ අනේ.. "

" දැක්කා active status.. "

" තව්සෙ පාඩම් කරනවා කියලා fb ද හිටියෙ එහෙනම්? "

" නෑ බං. තමුසෙ නිදිද හොයාගන්නෙ fb එකෙන්. ඒකයි ඩේටා ඔන් කලේ ඇදට යන්න කලින්. "

" නිදිමතයි.. "

" නිදාගන්න මැනික.. ඇස්වලට හොද නෑ ඕක ඔච්චරම.. "

" තව ටිකකින් . "

" අනේ නිදාගන්නවා ඕයි. මොකද්ද ඉවරයක් නැතුව- "

" ඔයා නිදාගන්නකො මගුල.! මොකෙක්වත් එක්ක චැට් කරනවා නෙවෙයි memes බල බල ඉන්නෙ. "

" හරි ඉතින් චැට් කරනවා කීවෙ නෑනෙ මං- "

" ඒ වගේනෙ උඩපනින්නෙ. මං ඕවට කැමති නෑ. මගෙ නිදහසට නං හේත්තු වෙන්න එන්න එපා මං කැමති නෑ ඒකට "

" තමුසෙගෙ පණ්ඩිතකම තමයි මට පේන්න බැරි. අනේ මේ එලිවෙනකල් ඔබපිය ෆෝන් එක. studies බල්ලට ගියාවෙ ඇස්වලට වෙන්න තියන ඒව වුණාවෙ.. ආදරේට දෙයක් කියන්නත් බෑනෙ. මං නිදාගන්නවා. "

" ගෙදරට ගොඩවෙච්ච වෙලේ ඉදලා අම්මා පටන්ගත්තා. දැන් තමුසෙත් කියවනවා.. මාව කාහල්ලා එතකොට ඉවරයි. "

" අම්මා මොකටද බැන්නෙ? "

" room එක අස් කරන්න කියල.. "

" ඉතින් ඇත්තනෙ. දැන් බබෙක්ද අම්මා ඕව කරල දෙන්න. "

" අම්මා අස් කලේ නෑ. " තත්පර ගණනක නිහැඩියාවක් පැවතුණි. " තමුසෙ හෙට ඇවිත් අස් කරලා දෙනවා කවුරුත් ගෙදර නෑ. "

" ආහ් තව? "

" උදේට ගන්න එනවා. මට නිදිමතයි. "

" ම්ම්හ්.. නිදාගන්න දැන් සුදුමැනික. "

" නයිට් අයියෙ.. "

" ගුඩ් නයිට් මගෙ සුදුමහත්තයා.. "

මෘදු නිදි හඩ එහා පසින් ඇසුණේය. තොල් දත් අතර සිර කර මද හසරැල්ල වලකන්නට තැත් කරමින් ආරුශ් පොත වසා එයට වැන්දේය.


ආරුශ් සඳක් ට වසර තුනකින් වැඩිමල් විය. නමුත් ඔහු කොළඹ විශ්වවිද්‍යාල ඉන්ජිනේරු පීඨයේ ඉගෙනුම් ලැබුවේ සඳක්ගේ අතක ගෑවි ගෑවී ය. ලොවට තවමත් එය අභිරහසක් ය. ආරුශ් පළමු වසර ගණිතය විශය ධාරාවෙන් උසස් පෙළ හදාරා ලබාගත්තේ S සාමාර්ථ එකක් පමණකි.. දෙවන වර ඔහු ඒවා දෙකක් ලබාගත්තේ පියාගේ ඉකිලිවල කඩි කනවාක් මෙන් ඔහු නුරුස්සන්නට පටන්ගෙන තිබූ බැවිනි.

තුන්වන උත්සහයෙන් ආශ්චර්යය පෑ ඔහු දිවයිනේ නම තබා සමත් විය. බලහත්කාරයෙන් ටොකු ඇන ඇන උගන්වා යන්තමට ඉංජිනේරු පීඨයට සඳක් ද ඔබාගන්නා තෙක් ඔහු නින්දක් නොලැබුවේය..

කොට්ටයට හිස තබාගත්තද එක් උකුළක සුවය සිහි වන ඔහුට නින්ද නාවේය.. තුරුල්ල සොයන සඳක් තුරුලට නේන නිසාවෙන් කවුලුවෙන් පිට පේන සඳක් දෙස බලා ඔහු සිනාසුනේය..

" උබ මාව පිස්සෙක් කරලා, සඳක්... "

☪︎ ִ ֶ֢࣪⋆

ලැබ් රැට් දෙන්නම් මැනික 🥺👉👈 ඒක සංකීර්ණ plot එකක්නෙ මට ලියන්න පවා බය හිතෙන.. නිවීසැනසිල්ලේ ඒක ලියලා එකපාර දෙන්නම්..

එතකල් මේක කියවන්නකො.. ලඟකදි තුන හතරක්ම publish කරාට ඒව මට සෙට් නෑ වගේ.. මේ දවස්වල පොඩ්ඩක් හිත නිදහස් නැති එකේ.. හිතට පොඩි හරි නිදහසක් දැනෙන දෙයක් ලියන්නෝන මට..

ආශාද් / Toxic වගේ කතාවලට ආස අයට මේක සෙට් වෙයි.. ඒ කිව්වෙ Romance පැත්තට බර.. ඒත් ජීවිතේ ගැනත් කතාවක් යන... Lab Rat sci-fi හින්දා ඒක සෙට් නැති අයත් ඇති.. එයාලට මේක.. <3

ඇසතු බෝපත් | His Tears Are Heavier  | BLWhere stories live. Discover now