" මොකද්ද වෙලා තියෙන්නෙ? හරියට කියහං බල්ලො! "
ගිම්හානයට මක් වෙලාද? මගෙ අයියා මගෙ අයියා ගාන්නෙ වෙන අයියල හිටියා කියල මතකයක් නැ වටබඩ්ඩට..
මොක වුණත් කොල්ලා හොදටම බය වෙලා හිටියෙ.. ඒ වෙද්දි කරන්ට් ඇවිත් තිබ්බ හින්දා මං උගෙ අතේ තිබ්බ ෆෝන් එකේ ෆ්ලෑශ් ඕෆ් කරල මේසෙ උඩින් තිබ්බා. වෙව්ලන විදියට ඕක වැටිල කැඩුනොත් අර ගිම්හානයා හොයන සොච්චම ඒකටත් කෙලවෙන්නෙ. කෙලවෙන්න අරින්න තියෙන්නෙ එක අතකට.. ජොබ් එකක්වත් නැති පොඩි පකයල කරගහනවට. මහලොකු සීනි අප්පච්චි..
" බෝපත්.. වතුර එකක් ගේන්න " මුට කතා කරගන්න බෑ. හරියට විස්තරේ අහගන්නැතුව මට කරන්න පුලුවන් ලබ්බකුත් නෑ. මූ වෙව්ලන විදියට මට බයත් හිතුණා සිරාවට. ඒත් මං කලබල වුණොත් මූ තව කලබල වෙනවා.
බෝපත් වතුර වීදුරුවක් ගෙනත් අර වෙව්ලන කොල්ලට දික් කරා.. මේකත් හෙන මෝඩයි අප්පා. මං අතට අරන් ඒක වටබඩ්ඩට පෙව්වෙ එහෙම දේකට නෙවෙයි බෝපත්.. බෝපත්ගෙ ඇස්වල ඉරිසියාවක් දැක්කමයි මං...
තව අවුස්සන්න ආස හිතුණ හින්දා මං අරූගෙ අතෙන් ඇදගෙන ගිහින් පුටුවකත් ඉන්දුවා...
යාලුව මැරිලද දන්නෙත් නෑ පකයො උබට මේ සමයං.. මං වටබඩ්ඩ දිහා බැලුවෙ ඒක මතක් වෙලා.
" මොකද්ද දැන් වෙලා තියෙන්නෙ? කියනවකො "
" අහ්නේ අහ්-යෙ මගෙ අයියගෙ බයික් එක පෙරලිලලු.. මං එක්ක කොල් එක්ක ඉන්න ගමන් එකපාර කැගහනව ඇහුණා මට ඒ එක්කම කට් වුණා.. යාලුවෙක් මැසේජ් එකක් දාල තිබ්බා අයිඋඅගෙ බයික් එක පෙරලිල කියල ඌ කියනව අයියට අමාරුලු බයික් එක පාරෙන් පල්ලට පෙරලිලලු ජීවත් වෙන එකත් විස්වාස නෑ ගගා කිව්වා.. අනේ අයියෙ මාව එක්ක යන්නකො... අයියා ඉන්නෙ හොස්පිට්ල් වෙන්නැති මට පිස්සු හැදිල ඉන්නෙ අනේ මාව එක්ක යන්නකො මට යන්න වෙන විදියක් නෑ ක්..කවුද මට ඉන්නෙ අම්මත් දඹදිව ගීම් තාත්තා බීගෙන කෑගානව විතරයි කරන්නෙ අනේ අයියෙ මාව අයියා ලඟට එක්ක යන්නකො මං පපුව පැලිල මැරෙයි මගෙ අයියට මොකුත් වෙන්න දෙන්න බෑ දෙයියනේ මට- "