" සඳක්... මගෙ මැනික අනේ කන්නකො.. කාල ප්‍රැක්ටිස් යන්නත් ඕන ඕයි... කෝ.. නාඩා ගින් මූණකට හොදන් ඇවිත් බත් චුට්ටක් කන්න... " රුශාල් හෝ අම්මා පේන මානයෙන් දුරස් වූ වහාම සෝෆාව අසල බිම දණගසාගත් ආරුශ් සඳක්ගේ අතක් සිය ඇගිලිතුඩු අතරින් ගෙන පිරිමඳින්නට විය. සඳක් විඩාබර ඇස් හරවාආරුශ් දෙස බැලුවේය. කම්මුල් දිගේ කදුලු කැට දෙකක් ගල ගියේ ඉබේම ය. උඩු තොලට උඩින් තැවරුණු සොටු හා කදුලු පිට අත්ලෙන් පිසිමින් ඔහු තැත් කළේම නාඩ ඉන්නට නොවෙද? නමුත් ආරුශ්ගේ ආදරේ ඉදිරියේ ඔහුගේ හැඟුම් නිදහසේ ගලා ගියේ ය. ආරුශ්ගේ හුරතල් වචන සඳක් තව තවත් සංවේදී කලේ ඔහුගේ උවමනාවට නොවේ.
" අම්මා කියන දෙයක් කිව්වාවෙ.. ඔයා ගැන මං දන්නවනම් එච්චරයි නෙ මැනික. මට ඕන්නෑ මේ ලෝකෙ අහිංසකම කොල්ලා ( ඌ පෘත්වියාගෙනෙ 💚😁 ).. මට ඕන ඔයාව.. වේසම වේස කටක් එක්ක හාවෙක් වගේ කොයිවෙලෙත් හීට් එකේ ඉදියත් මගෙන් පිට ඇහැක් හැරවෙන්නෑ කියලා මං තරම් හොදට ඔයාවත් දන්නැති මගෙ හදයව.. " ආරුශ්ගේ මෘදු-රලු හඩ කන අස්සේම මුමුණද්දී සඳක්ගේ හැඟුමන් ඇවිස්සෙන්නට පටන් ගත්තද... ' තෝ කපල මං ගඟේ මුහුදෙ දානවා.. පඩත්තර පොඩි සඳක්! තෝ මාව කෑවා යකෝ ' සඳක් සිය යටිකයට හිතින් තරවටු කළේය.
" උබව කැන්දන් යන්නෙ මං මිසක් මගෙ අම්මා නෙවෙයි සඳක්.. අනේ මාව අවුල් නොකර කාල බීල ඉන්න. දැන් මොකද්ද අඩන්න තරං වුණේ? අපේ අම්මගෙ අදහස්වලින් ඔයාට වැඩක් නෑ සුදූ, ඔයා මං කියන දේ අහන්න. කෝ.. අම්මා එන්න කලින් නැගිටින්න.. "
සඳක්ට කටහඩ ගැන විශ්වාසයක් නොවුණි. ඔහු කතා නොකර උන්නේම ආලින්දය මැද උස් හඩින් ඉකිබිඳින්නට අකමැත්තෙනි. ඔහු ඇගිල්ලක් කටට ගෙන නියපොත්තක් පතුරු ගහමින් ඇස්වල කදුලු පිට අත්ලෙන් පිස්සේය.
කුස්සිය දෙසින් කිසිවෙකු එන හඩට ආරුශ් නැගිට්ට ද අරමුණ ඉටු නොවී තිබීම නිසා ඇති වූ කලකිරීමෙන් තලෙලු මුව බැරෑරුම් ස්වරූපයක් ගෙන ඇත්තේය.
මව වීදුරු බත් පිගානක් අතැතිව සාලයට ආවාය.
" එන්න කන්න.. තොත්ත බබා සෙල්ලං කර කර ඉන්නනම් මට වෙලාවක් නෑ සඳක්... ගෙදර පන්සීයක් හිටියත් මගෙ අත් දෙකටයි නිවනක් නැත්තෙ ඩිංග එහෙමෙහෙ වුණොත්. මට ගමනක් යන්නත් තියෙනවා සඳක් ඔය සෙල්ලම දැන් නවත්තන්න.. "