" .. අයියෙ... "
"............... "
ඔඩොක්කුවට අතෑරපු ඩයරිය අතට අරන් ටිකකින් බෝපත් මං දිහා බැලුවෙ. ඔව් මං කියෙව්වා.. එල්ලපං මාව..
" ලොකුඅම්මා උබට කිව්වද උබ බෑ කිව්වොත් මට පිස්සු හැදෙයි කියල?! "
කොල්ලා බිම බලාගත්තා විතරයි.
" එහෙම පුකේ අමාරුවක් නෑ. උබට දැන් යන්න ඕන්නං දැන් ගියත් කමන්නෑ මට. "
මං ශවර් එකට ගියෙ ඔලුව ටිකක් නිදහස් කරගන්න ඕන හින්දා. පැයක් විතර නෑවත් ඔලුව ඇතුලෙ කැකෑරෙන වේදනාව පිටින් වැක්කෙරෙන වතුරට හෝදල අරින්න බෑ කියල තේරුනම මං ශවර් එක වහල එලියට ආවෙ තුවායක් පිටින්..
මං එනකොට බෝපත් කාමරේ නෑ. ෆෝන් එකයි.. ඩයරියයි පොත උඩ තිබ්බා.. මාව ගැහෙන්න ගත්ත තරමට මං ඇදට වාරු වුණේ..
නෑ කිව්ව පුකේ අමාරුව ලෙසටම දැනෙන්න ගද්දි මං අතට අහුවෙච්ච එකක් ක්ලෝසට් එකෙන් ඇදල අරන් ඇගට දාගෙන ගෙයින් එලියට පැන්නෙ කොන්ඩෙන් වතුර බේරිල සුදු ශර්ට් එකත් සී තෲ වෙද්දි.
" කයිල්.. කයිල් තමුසෙ බෝ දැක්කද? "
" ගේට් එකෙන් එලියට යනවා දැක්කා. "
" පයින්ද ගියෙ? අතේ සල්ලි තිබ්බද? "
" පයින් ගියෙ... අතේ සල්ලි තිබ්බද නං මං දන්නෑ.. ඇයි? "
උත්තර බදින්න ඉන්නෙ නැතුව මං බයික් එකට දුවලා.. කොටින්ම බයික් එක අහසෙ ගෑවි නොගෑවි ඉගිල්ලෙද්දි බයික් එක උඩත් දුවන්න පුළුවන් නං දුවන සයිස් එකට මාව වෙව්ලුවා..
උබ ඇත්තටම මට ආදරේ කරේම නැද්ද බෝපත්?!
" මාව.... මාව දාල යන්න.. " දුක තරහකට හරවන්නෙ මිනිස් හිත.. දුක දුක විදියටම පිට කරන්නවත්... දරාගන්නවත් මොලේට බැරි හින්දා.
" තොට මතක හිටින්න පාඩමක් උගන්නනවා බෝ මං.. උබ මාව ඇදිනුවෙ නෑ තාම... "