ෆියුනරල් එකේ වැඩ ඔක්කොම ඉවර කරලත් මට බෝපත්ව බලන්න යන්න බැරිකමක් දැනුනා.. කොල්ලව ගෙදරට අතෑරල ආවත් හරි මං කෝල් එකක්වත් ගත්තෙ නෑ.. මොනා කරගෙනද කාල ද බීලද.. පව්. මට යන්න හිතුනෙම නෑ..
මං කෝමද මූණදෙන්නෙ කොල්ලට..? උගෙයි කියල ඉදපු අන්තිම මනුස්සයගෙ මිනියටත් කරගහන්න නොදී මං ඌව හංගල තිබ්බා කියල දැනගත්තම මට කොල්ලා වෛර කරයි.. අනේ මයෙ මැනිකත් දාල ගියොත් මට ජීවත් වෙලා වැඩක් නෑ..
ඉන්දියාවෙදි කමලක්කට හාර්ට් ඇටෑක් එකක් ඇවිත් තිබුණා.. බෙහෙත් බිබී ඉදලත් අපිට කවදාවත් කිව්වෙ නෑ. දැන් කමලක්කා නැති ගෙදර මට ඉන්න හිත දුන්නෑ. මං පිස්සු කෙලිනකොට ගෙදරට අරන්.. මගෙ හිත හැදුව.. වැටිල ඉන්න තැනක් දීල මාව මගෙන් ම බේරගත්ත කමලක්කා මට දෙවනි අම්මෙක්.. මට තවත් අඩන්න ඕන උන්නෑ.. ඇස් රිදෙනකල් අඩලා දැන් ඇස් ඇරගන්න බෑ රිදෙනවා..
" මචං... මොනාහරි කාල ඉදපං උබ කී දවසකින් බඩට හරියට දෙයක් දාගත්තෙ නැද්ද කියහං.. ඔච්චර මහන්සි වෙන්නෙපා උබ මැරිල වැටෙයි පුටු ගොඩ එක්කම.. මේ කොල්ලො ඉන්නෙ බං උං ඕව බලාගනී.. "
ගිම්හානයත් අඩල උගෙත් ඇස් ඉදිමිලා. ඇත්තටම අපි දෙන්නටම කමලක්කා නැති අඩුව දරාගන්න අමාරු වුනා. එයාපෝට් එකට ගිහිල්ලා අත වනලා ආවට කවුද හිතුවෙ හර්ස් එකක ආපහු ගෙදරට ගේන්න යන ගමනක් කියලා..
" උබ කාලද මචං.. " මට කන්න පිරියක් නෑ.. ඒත් ඌ ලෙඩා.. ඌත් මට බන කිව්වට නිරුද් පිගානක් අරන් පස්සෙන් පන්න පන්න අමාරුවෙන් බත් කටක් දෙකක් කටට තල්ලු කරනවා මං බලාගෙන. නිරුද් පව්.. ඌත් හිත හදාගෙන අලි බබත් නලවන්න වෙලා ගුටිත් කකා.. කන්න කියල වද කරන්න ගිහින් පිගානටත් උඩින් විසිවෙන්න ගහල අර දෙනෝදාහක් මැද්දෙ පොඩි එකාගෙ කම්මුලට ගැහුවෙ. කොල්ලා අඩ අඩ ඉද්දි උගෙ තාත්තත් ඔය සීන් එක දැකල උටම අල්ලන් නෙලුවා එකේකාට බාල්දු වෙන්න යනවා කියල... ඊටපස්සෙ උගෙ ලොකු මල්ලි අතින් ඇදගෙන ගෙදර ගියා.. පව් ඒ අසරණ කොල්ලත්. ඔක්කොම කුනු බේරෙ වැවට වගේ ගිම්හානයයි මහ උනුයි ඔක්කොම පලිගත්තෙ උගෙන්..