Emperor Leo pov ..........
එසෙනම් ඔහු එය සිදු කළා...මට ඔබ ගැන ආඩම්බරයි මහත් සේ.....නමුත් ඔබ ඔබගේ බලය තහවුරු කර ගත යුතුමයි....නැතිනම් මාගේ සියලුම අභිප්‍රායන් වියර්ත වි යනු ඇත.....
සියලු දේශයන් හී කෙතරම් කාන්තාවන් සිටියද මා ඔබවම තෝරා ගත්තේ මා සිත ඇති කාර්ය ඉතු කර ගැනිමට ය....නැතිව මා පුරුෂයෙකුට ආලයෙන් වෙලි නොමැත ...එය සිදු විය හැකියැයි මා නොසිතයි....
නමුත් නුබ අසලදි මා සිත සසලවනු මට හැගි ඇති මුත් එය ආලය යැයි මම නොසිතමි .කිමද ආලය කරන්නට තරම් මට වේලාවක් හෝ කාලයක් නොමැත ..මට මේ සම්පුර්ණ චින දේශයම මාගේ අනසකට නතු කර ගත යුතුය..වැන්ග්‍යුන් රාජ්‍ය රන් අකුරින් ඉතිහාස ගත විය යුතුය......
"රජතුමණි, හදිසි රාජකාරිය ක් සදහා පැමිණියෙමි"
"පවසව සෙම්පති යූආන් "
"මා සිතනා පරිදි අප අග බිසවුන් ෂින් කුමරුන්ට ළගදිම කිසියම් කරදරයක් සිදු වේවි.... එලෙසම ඔබ තුමා හට අග්‍රාමාත්‍යවරයාගේ පිඩනය වැඩි වේවී....."
"එසේ පැවසුමට හේතුව කිමද සෙම්පති යූආන් "
"ඔබ තුමා ෂින් කුමාරයා හට වැඩි අවදානයක් දෙන බව උප බිසවුන් වාහන්ස ඇගේ පියාණන් හට පවසා ඇත..ඔහුන් රහසේ හමුවන බවයි ආරංචිය.. අනිවාර්යයෙන්ම අප අග බිසවට විරුද්ධව කුමණ්ත්‍රන කරනවා විය යුතුය කුමරුණි "
"හ්ම්..එය මටද කන වැටුණු කාරණයක් , අනිවාර්යයෙන්ම අද හෙටම ඔහුන් ක්‍රියාත්මක වෙවි...නමුත් ෂින් කුමරුණ්ට කිසිදු කරදරයක් නොවිය යුතුය....එය ඔබ සතු රාජකාරියකි..."
"ඒසේය රජතුමණි ,ඔබ අග බිසව් මාළිගයට දැන් සැපැත් වනවාද....."
"හ්ම්..අප අදම අපගේ කටයුතු ආරම්භ කරනවානම් හොදයි යැයි සිතමි....එසේනම් එයට අවශ්‍ය කටයුතු පිළියෙල කරන්න....දැන් පිටව යනු...හරියටම මද්‍යම රාත්‍රියේ අප ඔබ හමුවට පැමිණෙනු ඇත...විමසිල්ලෙන් සිටිනු....."
"එසේය රජතුමණි "
ඔහුන් මෙය ඉවසන්නේ නැති බව සත්‍යකි ... ඔහුන්ට අවශ්‍ය මාගෙන් රාජ්‍ය බලය ඔහුන් අතට පත් කර ගැනුමට...එවාට මා ඉඩ තබන්නේ නැත....මාගෙන් පසු මගේ රජ්‍යට අත තැබිය හැක්කේ මගේ අග බිසවුන් ෂින් හට පමණි.....
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......