" කුමක්ද කල්පනා කරනුයේ ෂින්....ඔබට අපහසුද..."
"නැත ලියෝ..මුත්තණුවන් අප වෙත සමාව දේවිද...."
"එය අපගෙ වරදක් නොව...එය වැඩිහිටියන්ගේ වරදිකි..එයට අප මක් කරන්නද.අපගෙ දරුවා මොනා කරන්නද..."
" මා හට ඇත අදහසක්...."
" කුමක්ද යූආන් "
" අපට නොහැකි ද දරුවා හට නමක් තේරිමට මුත්තණුවන් හට දිමට... එවිට ඔහුගෙ හිත මදක් හී නෙවේවි...."
"එයා කදෛම අදහසකි... කුමක්ද ලියෝ ඔබ එකගද.... මේ ඔබගෙ දරුවා...."
"මාගේ පමණක් නොව අප සෑම දෙනාගෙම දරුවා මේ... ඉතින් කුමට මා අකමැති වන්නද... ඔහු හට හැකි නම් මුත්තණුවන් ගේ සිත දිනා ගැනිමට එය මට මහත් ආඩම්බරයි "
යූආන් පැවසු ලෙස කළහොත් ඒ සිත මදක් උණු විය හැක මන්ද අලුත් උපන් දරුවෙකී.. කා හට හැක්කේ වෛර කිරිමට...ලීයෝද එකග වූ නිසා සිතට සහනයකී...
" ෂින් දැන් ඔබ විවේක ගන්න ... තව මොහොතකින් අපගෙ දගයා අවදි විය හැක... හ්ම්..."
" ඔබත් පැමිනෙන්න "
" මා යූආන් හමුවී එන්නම්...යමක් ඇත කතිකා කිරිමට..."
" හ්ම්... ජැකි ඉක්මනට පැමිණෙන්න "
ලියෝ මා හිස සිබ පිටව ගිය පසු මා සයනයේ නිදාගෙන සිටින මාගෙ පුත් කුමරු වෙත අවුත් නිදා ගත්තේ ඇත්තටම මා හට මහත් වේදනාවක් හා වෙහෙසක් ඇති නිසාමය... නමුත් එයට දරුවා පළි නැත..මා හැකි ඉක්මනට සුව විය යුතුය... මාගෙ පුතු වෙනුවෙන් දේශය බේරා ගත යුතුය....
" කෝ මගෙ පුතු නිදා ගන්න.. "
" ඈ.....ඕඈ...."
"නෑ...නෑ...අඩන් නෑ... කෝ කෝ ඉදින්න ටිකක් ...ඔබගෙ මව් පව්...ඔහු ඉතා වෙහෙසී සිටින්නේ.මගෙ රත්තරන් හැකිනම් කෝ සැනසෙන්න..."
ලියෝ දරුවා නැළවිමට උත්සාහ ගත්ද ඔහු නොවේ ඒ බස අසනුයේ...
" ලියෝ කො දෙන්න... ඔහු හට කුසගිණි ඇති හැඩයි... "
" ඔබට හැකිද "
" හැකී... කෝ දෙන්න... ඔබත් මා අසලින් සැත පෙන්න..."
ලියෝ කුඩා දරුවෙකු මෙන් මා අසලට විත් නිදා ගත්තේ මවට කීකරු වන දරුවෙකු මෙන්...මා පුතු වෙත කිරි දෙන ගමන්ම ලියෝගේ නළලට හාදුවක් තිබ්බේ ඔහු ගැන ඇති වූ පහන් සිත නිසාමය...
YOU ARE READING
Once Upon ✅
Fanficයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......