" මැණියණි මේ ඔබමද... "
" හ්ම්..එසේය...යූආන් .... මා ඔබගෙ මැණියන්... කමාවන්න මෙපමණ කාලයක් ඔබගෙන් වහන්ව සිටිමට...මා හට එයට හේතු ඇත... "
" එසේනම් ඔබ මැණියන් හා කතිකා කොට පැමිණෙන්න...අප යන්නම්... අවසර හිටපු මව් බිසවුනි "
ලියෝ මා කැටුව පුටව යාමට සැරසුණේ ඔහුට මෙතන සිටිම අපහසුවක් සේ දැනෙන නිසා වන්නට ඇත...කුමක් වූවත් ඒයට හේතුව දැන් ඉන්න මව් රැජිණ බව කවුරුත් දන්න රහසකී...
" ලියෝ... කිමද මේ පැන දුවන්නට සැරසෙනුයේ... තවම මුණුබුරා ඉන්නේ මා අත මත... නැවත අසුන් ගන්න... ෂින්... අග බිසවුනි , ඔබගෙ ස්වාමියා ඉතා කැලබිමට පත්වී ඇති හැඩයි..."
"එසේය මව් තුමියණී , "
" ෂින්..ඔබ ඉතා බුද්දිමත්.... ලියෝ .. මා දෙස බලන්න... මා හට පැනයක් ඇත්තේ ඔබගෙ මව සමග මිස ඔබ සමග නොවේ....
මා පිළිගන්නවා ..මා ඔබට වෛර කෙරු කාලයක් තිබ්බා... නමුත් දිනක් මා දුටුවා ඔබ දෙදෙනා අතර අමුතු සහෝදර කමක් තියෙනවා... නිකන් මිතුදමක් එක්ක මූ වෙච්ච සහෝදරකම්ක්...
අනෙක් හේතුව නම් ඔබ මා පුතුව සෑම මොහොතේම රැක්කා මා එය දුටුවා... ඉතින් කෙසෙද මා ඔබට වෛර කරන්නේ... ඔබටත් හැකි යූආන් මෙන්ම ෂින් දැන් පැවසු පරිදි මා හට මව්තුමිය කියා ඇමතිමට මා පුතුනුවණී..."
" මෑණියනී...කමා වන්න..මගෙ මව්තුමියගෙන් ඔබට සිදු වූ අවැඩ පිළිබදව ... මා හට කමාව ඉල්ලනවා හැරෙන්නට අන් කිසිවක් කළ නිහැකී..."
" ඇයිද නොහැකී..ඔබ දැනටමත් එය කර අවසන්... මා පුතු යූආන් හා ඉබ ජිවත් විමම මා හට ඇති ණය පියවිමකී...ඔබ හදනුයේ මා පුතුද රජ කිරිමට බව මා දන්නවා ලියෝ... ඔබලා සතර දෙනා බිය නොවී සිටින්න... මා දැන් ඔබලා සමග සිටිනවා... එම නිසා සැහැල්ලුවෙන් සිටින්න මේ වසර ගෙවෙන තුරු... "
" වසරක්...."
" එසේය... ෂින්ගේ වේදනා තුවලා හා ජූන්ගේ දරුවා ලැබී ඒ තුවාල සුව විමට වසරක කාලයක් ඇතැයි මා සිතමී... "
" එනමුත් අපට එපමණ කාලයක් තිබේවිද.... "
" ඔබලා රැකුමට මා සිටිනවා... ඔබලාගේ මවට මෙහී එමට නොහැක..මේ මාගේ දේශයයි... එබැවින් ශක්තිමත්ව නෑගි සිටින්න... ලියෝ ඔබ මේ දේශයේ පහළ වුන අසහාය නායකයෙක් වන්න... ඔබටහැකී... ඔබට ලැබී ඇති බිසවද ඉතා ම වටින බිසවක්... ඔහු ඉතා නිර්බිතයි...මා එය දුටුවා මාගේ දෑසින්ම....
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......