" මම හිතන්නේ මගේ අග බිසවට මා හට යමක් පැවසිමට ඇති හැඩයි"
මම හිටියේ මාගේ කුටිය තුලට වී...රාත්‍රිය උදා වනවා සමගම රජතුමා වෙනදා පරිදි මාගේ කුටියට සැපැත් වුයේ සෙන්පති යූආන් සමග....
"එසේ නැත රජතුමණි , ඇයි ඔබ සිනා සෙනුයේ...අනික සිදු වු දෙය ඔබ දන්නවානේ රජතුමණි ."
"යූආන්...පෙනෙද මාගේ අග බිසවගේ තරම... දැන් තනිව තම ආරක්ෂාව උදේසා යමක් කර ගත හැක...හ්ම්..හ්ම්...මාහට ඒ පිලිබදව ඇත්තේ ආඩම්බරයකි"
" හරි ඉතින් ඔබතුමා මෙන්ම සෙන්පති යූආන් මා හට උපකාර වූ බව සත්‍යකි .. එබැවින් කිමද මේ මා හට සරදම් කරනුයේ ..හොද නෑ ඔබලා...මේ අහිංසක මා හට මෙවැනි වදන් පැවසිම"
මා එය තනිව සිදු කරන ලද්දක් නොවේ.... මා එය දැන ගත් මොහොතෙම එම සේවිකාවද රැගෙන රජතුමා ඉදිරියට ගොස් සියල්ල කියා සිටියා .. සෙන්පති යූආන් ද එවිට එහි සිටිම තවත් පහාසු වූවා...
"ෂින් හට ලැජ්ජා සිති ඇති හැඩයි ,ඔය ලෙසම ගාම්බිරත්වයෙන් එඩිතරව සිටින්න... ඔබගේ හිසට ඉහලින් යා හැක්කේ මා හට පමණි ,මාගේ බලයද ගෙන ඔබ සෘජුව සිටින්න...මා හට අවැසි එපමණයි "
" ඒ වගේම කුමරුණි , හෙට සිට අග්‍රාමාත්‍ය පාක් කුමක් හෝ දෙයක් කරාවි බව පටලාවා ගැනිමට ..හැකිතාක් පපරිස්සම් වන්න.... ඔබ තව කළ යුත්තේ එක දෙයක් පමණි...කාලය පැමිණි විට මා එය දැනුවත් කරන්නම්..."
" එසේය සෙන්පති යූආන් ,ඔබත් පරිස්සම් වන්න..ඔහුන් දන්නවා විය හැම ඔබ මට උපකාර කරන බව..."
"එය සත්‍යකි යූආන් ,ඔබ පුලුවන් තරම් පරිස්සම් වනු...මා හට විශ්වාස කිරිමට හැක්කේ ඔබ දෙදෙනා පමණි ,එබැවින් එය රකින්න...ඒ වගෙම පරිස්සම් වන්න..."
"ඔබ ඒ පිලිබදව දුක් නොවන්න....මා රැකෙන්නම්..ඒ වාගෙම මා වගේම ඔබ හට පක්ෂපාතී තව අයෙක් මා සුදානම් කරන්නම්... ඔහුතාව ඉගන ගන්නවා...සටන් ශිල්පය පුහුණු කළ යුතුය... මා ඔහුව සුදානම් කරනුයේ අග රැජිණ රැක ගැනිම සදහා...."
එත් ඇයි යූආන් අප හට මෙපමණ උපකාර කරණුයේ... තම දිවි පරදුවට තබා ..හෙතුවක් තිබිය යුතුමය ... එය කුමක්ද ...අසනවාද නැතිද ..අසා දැන ගැනෛම උචිතය....
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......