අප මාලිගයට පැමිණ ටික කලක් ගත වුවද මා සිත තවම නොසන්සුන් ..කිමද සුසී එය සැගවුවේ කියා...ඇයට යටි අරමුණක් ඇති බව සියට සියක් මා හට විශ්වාසයි ......
" කුමරුණි , අසුභ පණිවිඩයක් ඇත පැවසිමට....."
" කිමක්ද ඒ...."
" සුසී බිසව ගැබ් ගෙන ඇති බවයි වෛද්‍යවරයා පවසා සිටියේ....."
" කුමක්....ඒ....ඒ....කෙසෙද...."
තුන් මස ඉක්මවු මා කුසට අත තබා ගනිමින් මා නැටියේ ලියෝ සෝයා යාමටයි... ඔහු මා හට පැවසුවා මා හැරෙන්නට වෙන කෙකු සමග යහන් ගත නොවන ලෙස...එලෙසටම මා හට වදන් දී ඇත....නමුත් මෙලෙස කෙලෙස......
" කුමරුණි , ඔබ සැරසෙනුයේ කොහේ යාමටද... මදක් ඉවසා වදාරනු මැන.. කලබල විම ඔබට උචිත නැත...."
" මා...මා කලබල වී නැත..මා හට අවැසි සත්‍ය දැන ගැනිමටය... පසෙකට වී ඉඩ දෙනු...."
" කුමරුණි ......අසන්න මා පවසන දෙය...."
" ඩාන්..."
එක වරම දොර වේගයෙන් විවර කරගෙන මා කුටියට පැමිණියේ ලියෝ වෙනකොට ඔහු පිටුපස මාගේ අයියණ්ඩිය මෙන්ම යූආන් ද සිටියා....
" කි....කුමක්ද වනුයේ ලියෝ මේ... ඇයද ගැබ් ගෙන කියා ආරංචි ...."
" එය...මා අතින් සිදු වු දෙයක් නොවේ....මා එය ඕනෑම තැනක දියුරා පැවසිමට හැක....මා ඇය සමග කිසිදිනක යහන් ගත වී නැත... ඔබට මා විශ්වාසයි නේද ..."
" ලියෝ පවසන්නේ සත්‍යකි ...ඔහු කිසිදිනක ඇය සමග ඒ කුටිය තුල තනිවී නැත... "
"එසේනම් ඇය ගැබ් ගත්තේ සුලගින්ද....ආ.....පවසනූ මා හට.....!!"
" ෂින්...ඔබ සිමාව ඉක්මවා යන හැඩයි... මා නිවටයෙකු නොව... මා පැවසුවා එක් වරක් ඇයගේ කුසේ සිටින දරුවා මාගේ නොවේ කියා...මා පියාවන්නේ ඔබගේ කුසතුළ වැඩෙන මාගේ කුමරුන් හට පමණි ...තවත් කියවන්න හදන්න එපා....
මම බොහොම ඉවසිමෙන් පවසන්නේ ෂින්... අනික ඔබ දැක තිබෙද මා කිසි මොහොතක ඇය හා තනිවෙනවා...මා හැමොතෙම ඔබගේ අසල සිටින විට මා ඇයව කෙසේනම් ගැබ් කරන්නද...."
මා හට නොදැනිම කදුලු පල්ලම් බැහැලා යනකොට මා ගොස් ලියෝ හට තුරුල් වුවා...කිමද ලියෝ මා මුලා නොකරන බව මා දන්නවා...
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......