රැ මැදියමක් වන තුරුම ලියෝව දරාගෙන සිටි මා උදේම අවදි වුයේ පොඩි හොර ගමනක් යාම සදහා... වැඩි දුව කොහෙවත් නොව ඇතුල් මාලිගයට .. මා හට අවැසි එහි සිටින බිසෝ වරුන්ගෙන් මා පැමිණිමට පෙර මාලිගය පිලිබදව දැනුඅක් ලබා ගැනිමට..... අනේක නම් ඇයි මව් බිසව මා හට හැකි ඉක්මනට පුත් කුමරෙක් හට ජිවය දෙන්න කියන්නේ....හිතන්න ඔන පැනයක්....
"කුමරුණි, අග්‍රාමාත්‍ය පාක් පැමිණ සිටිනවා..."
"කුමක් ඒ ඇයිද ..."
"අප ඒ පිලිබදව දන්නේ නැත..කිමද පවසා සිටිය යුත්තේ "
"එවන්න ඔහුව ... සෙන්පති යූආන් හට මෙය සැල කර සිටින්න... "
පාලිකාව පිටව යනවා සමග පාක් කුටිය තුලට ඇතුල් වුවේ මා දෙස කෲර බැල්මක් හෙලාගෙන.. කුමකටද ඔහු මෙහි ආවේ... එයට ඇති හේතුව ඉතා ප්‍රබල විය යුතුය... නැතිනම් ඔහු කියටවත් මා හමුවට පැමිනෙන්නෙර් නැත...
" අග්‍රාමාත්‍ය පාක් ,කිමද මේ ..... මෙය සාම සාකච්ඡාවක් සදහා ආවාය කියා සිතිමට මා හට නොහැක..."
" ඔබ සමග කුමටද මා හට සාම සාකච්ඡාවක් ... මා පැමිණිමට හේතුව නම් ඔබට උප බිසවගෙන් ඇත්ව සිටින්නට කියා පැවසිමටය... ඔබ දන්නවා ඇතිනේ අග බිසවුනි උප බිසව මාගේ දියණිය බව ...
මායි මේ දේශයේ අග්‍රාමාත්‍යවරයා , අනික නම් මේ රජ්‍ය පවතින්නේ මාගේ දැත් මතයි..මායි ඒ දෙවල් පාලනය කරන්නේ... රජතුමා කියන්නේ නිකන්ම නිකන් රුකඩයක් විතරයි... ඔහු දන්නේ යුධ වැදිමට පමණි ,ඉතින් මේ දේශය බලා ගන්නේ මාය..එ බැවින් මාගේ දියණියගෙන් ඇත්ව සිටින්න .."
මා දැන් ඔහු පවසන දේ කළ යුතුද ...මා මාගේ මාලිගයෙ සිටින විටද මාගේ මව්ගේ බස් අසා නැත.. මේ විවාහය සිදු කර ගත්තේද රට වැසියන් ගැන සිතා... ඉතින් මා ඔබ කියන බස අසයිද.... එය විහිලුවක් පමණි ...මාගේ කට කොනින් හිනාවක් ඔහු හට පිරිනැමුවේ ඔහුට උපහාසයක් මෙනි...
"මා එසේ නොකළ හොත් ඔබ කුමක්ද කරන්නට සිතා සිටින්නේ.... පාක්......"
මා සිතා මතාම ඔහුට නිකන්ම පාක් යැයි පැවසුවේ මාගේ මාන්නය ආධික ලෙස ඔහු හට පෙන්විමටය...
YOU ARE READING
Once Upon ✅
Fanfictionයුද්ධය නිසා හිමි වු නොපැතු ආදරයක් , හදවතක් නැති අයෙකුට ලැබුන අමිල වස්තුවක්.....once upon ....එකෝමත් එක......