" දැන් මොකද ඔය උඩ බලන් ඉන්නෙ කැපෝ. "
" මන් යන්න ඕන නෑ නේද පොඩි බෝම්බේ පුපුරලද දන්නෙ නෑ. ලියෝ ගිහින් විස්තරේ කියලා එනවකෝ "
" ඊයා හලෝ...... මහ ලොකු බ්‍රිගේඩියර් .... සැක් විලිලැජ්ජැවේ සන්තෝසේ බෑ. බෝම්බේ පුපුරන ඒවා මන් දන්නෙ නෑ අභියා හිටියේ හෙනම අප්සට් මූඩ් එකෙන්. මෙන්න මෙහෙ එනවා යන්න ලොකූ "
".......... "
" එක්කෝ ලොකු.... ඔයැයි අර ජෝඩුවෙන් එකෙක් කරගහන්න. එතකොට මට අභියව සෙට් කරන් සපාන් එකේ ඉන්න පුලුවන් "
" මැරුන් කන්න ඕනද උඹට "
" යැයි යැයි තමා. කටනම් තියනවා බලන් ඉන්නේ ඉතින් යනවාආආආආආආඅ "
දැන් මන් මුගේ අයියද ඌ මගේ අයියද....... ඇයි යකෝ පඩිපෙල දිගේ ආවා නෙවෙ ඇදගෙන ආපි විදිහට තව ටිකෙන් හොම්බකට සමතලා වෙනවා.
මන් හිතන්නේ අද මටත් වඩා හදිස්සියක් තියෙන්නේ ලියෝටද කොහෙද. පඩියක් ඇර පඩියක් නැග්ග විදිහ පපා දැක්කනම් මේකා කනවා හොද පාරක් සුදු බෝල ඔලුව වටේ කැරකෙන්න. ආපු විදිහ කොච්චර දාර්ශනීයයිද කියනවනම් අන්තිමට අපෙ එකාට හති. මටයි කුවාටයි නම් ටිකක් ශේප් මොකද අපි වැඩිපුරම කරන්නෙත් ඔය වගේ දුවන එකයි බඩගාන එකයි ගස්ගල් උඩින් පනින එකයිනේ. ආපු ඒමනට යන්තන් බ්‍රේක් එකක් ගහලා අපේ බූරු තඩිය ගිහින් දොරේ ඇමිනෙන එක නවත්තගත්තා.
දැන් තමා ලොකුම අවුල. දැන් මොනවද මන් කියන්නෙ ගිහින්. අනික දැන් මන් කතා කරනකන් පාඩුවේ අහන් ඉදීද ..... මලපැනලා අහුවෙන එකකින් දීලාඅදීද දන්නෙ නෑ. ගැහුවත් කමක් නෑ යකො මුන් දෙන්නා නැති තැනක. මොකද එහෙම උනොත් එහෙම මට මැරෙන එක හොදා මුන්ගේ වාචාල කතා අහනවට වඩා.
" මොකද ලොකූ බලන් ඉන්නේ අපි මෙහෙන් ඉන්නම් ගිහින් කතා කරලා එනෝ... "
ශාන්ගේ කාමරේ ලගට ඇවිත් මන් ඔහේ වහලා තියන දොර දිහා බලන් ඉද්දි හති ඇරලා ඉවරවෙලා ලගට ආපු ලියෝ ඇහුවේ ඇස් දෙකෙන් දොර පෙන්නලා. අනේ මන්දා උඩු හිත ඇතුලට පලයන් කිව්වට යටි හිත කියන්නෙම එයාට ටික වෙලාවක් දෙන්න කියලා. ඒත් ඕන දෙයක් වෙයිනේ කියලා මන් දොරේ හැඩ්ල් එකට අත තිබ්බේ සාමාන්‍ය ශාන් දොර ලොක් කරනේ නිදාගන්න යද්දි විතරක් නිසා. සමහර දාට ඒත් නෑ. ඒකනේ අපේ එකයි කල්පයි සෙට් එකම හිතුන හිතුන වෙලාවට කඩාපනින්නේ. ඒත් ..............