chapter 21

468 70 26
                                    

" රුශ්.......... "

" ම්ම්ම්ම්ම් ..... "

"............... "

" ඇයි කැප්ටන් ...."

" හ්ම්ම්..... ඊයෙ උන දේට මට සමා..."

" its ok කැප්ටන්. ඒත්...... "

" ඒත් ..... ඒත් ඇයි. "

" ආයෙ එහෙම එපා කැප්ටන්. ප්‍රශ්න එනවා අපි හැමෝටම තමන්ගේ ජීවිතේ ඇතුලේ කරන වෘත්තීය ඇතුලේ ඕනම දේකදී. ඒක ඔයාට විතරක් නෙවේ මටත් එහෙමයි. හිතන්නේවත් නැති වෙලාවලදි හිතන්නේවත් නැති දේවල් අහන්න වෙනවා. ඒවට මූණ දෙන්න වෙනවා. ඒත් ඒ ඕනම දේකදී අපි ඉවසීමෙන් වැඩ කරන්න ඕන. එවෙලෙට එන ක්ශනික කෝපය වටේ අයගෙන් පිටකරලා හරියන්නේ නෑනේ...... "

මන් දන්නේ නෑ ඒක කොහෙන් ආව හයියක්ද කියලා. කැප්ටන් මුණ ගැහිලා දැන් සති දෙකකට කිට්ටු උනත් ඒ ඇස් දිහා බලාගෙම මෙහෙම එකදිගට කතා කරපු පලවෙනි දවස අද. ඊයේ සිද්දිය හින්දා සමාවගන්න ඇවිත් හිටිය කැප්ටන්ගේ මූණ දැක්කම හදවතට හරි බරයි ඒ මූණේ දුකකිද මොකක්ද මන්දා තේරුම් ගන්න බැරි හැගීමක් හිරකරගෙන ඉන්නවා වගේ දැනුනේ. ඒක හරි අමුතුයි..

හරියට නිකන්.......ආයිශ්....... මන් කැමති නෑ ඇත්තටම කැප්ටන් මන් ඉස්සරහ අපහසුවෙන් වගේ කතා කරනවට. වෙනදා වගේම මට පුප්පලා අහංකාර විදිහට කතා කරනවට තමා මාන් කැමති

ඒත් අද එහෙම නෑ. එයා හරි වෙනස්... කටහඩ වෙනදට තියන අර බර ගතිය අද අඩුයි. හිතලම එහෙම කරලා වගේ.... මගේ හිතට එවෙලේ දැනුන දේ මන් එක දිගට කැප්ටන්ට කියාගෙන යද්දි එයා මන් දිහා මුලින්ම බලන් හිටියේ ශොක් වෙලා වගේ. ඒ උනාට ටිකක් වෙලා යද්දි හරි සියුම් හිනාවකින් මන් දිහා බලාගෙන හිටිය කැප්ටන් මන් කතා කරලා ඉවර වෙද්දි වෙනදට වඩා ලස්සනට හිනාවෙලා මගේ නලලට තට්ටුවක් දැම්මේ මාපට ඇගිල්ලයි දබරැගිල්ලයි එකට කරලා.

" අහ්වු.... රිදුනා..... "

මන් නලලත් අත ගාලා මූණත් අමුතු කරන් කියද්දි කැප්ටන් හිනාවුනේ ඔලුව දෙපැත්තට වනලා. හරි ඉතින් ඔය කිව්ව තරම් රිදුනේ නෑ. ඒත් රිදුනේ නැත්තෙත් නෑ හුම්...

" හ්ම්ම්ම් ආය මේ පුංචි මහත්තයා කියම විදිහට මන් ඉවසන්නම්කෝ... ඒ උනාට ඉතින් තරහ ගස්සන වැඩ නොකර ඉන්න බලාගන්න. සේෆ්ටි ෆස්ට් ඕකේ... ඒ මොනවා උනත් ඊයේ හිත රිදුන නම් සමාවෙන්න රුශ්... තිබ්බ වෙන පීඩනයක් ඔයාගෙන් පිටවුනේ...... "

hat Trick Donde viven las historias. Descúbrelo ahora