" සුදූ...සුදූ...."
" ම්හ්ම්...."
මගෙ කන ලග කෑ ගහන අම්මගෙ කටේ සද්දෙට ඇහැරුන මන් ඇඳේ එහෙට මෙහෙට දගල දගල ඉදල නිදි ගැට කඩ කඩම ඇඳ විට්ටමට හේත්තුව දාන් ඉද ගත්තෙ මූණත් දෙක කරගෙන...
" මොකද ළමයො වෙලා තියෙන්නෙ..ආ... ඊයෙ ගෙදර ආපු හැටිය කාමරේට රිංග ගත්තා අඩු තරමෙ රෑට කන්නවත් එලියට ආවෙ නෑනෙ දරුවො.. ඒ පාර අද දහය එකොළහ වෙනකන් නිදි ඇත්තටම උබට මොකක් හරි අසනීපයක්වත්ද සුදූ..."
අම්ම එහෙම මගෙන් අහන්නෙ ඊයෙ මම කාමරේට වෙලා ගෙයි බිල්ලෙක් වගේ හිටපු නිසා වෙන්න ඕන.. එහෙම ඉන්නෙ නැතුව ඇස් රතු කරන් හොටු පෙර පෙර ගෙදර අය ඉස්සරහ ඉන්න බෑනෙ හප්පා.. මොකද ඊයෙ මම කාමරේට රිංග ගත්ත ගමන් කරේ අඬපු එකනෙ..ඉතින් මන් රෑ කෑම එකවත් කන්න කාමරෙන් එලියට නාවෙ ගෙදර අය අහන දේවල් වලට උත්තර බදින්න තරම් මානසිකත්වයක මම හිටපු නැති නිසා..
" මට මොන අසනීපද අප්පා...මේ ඉන්නෙ මම හොදට..."
" හ්ම්...එහෙනම් මේ තේ එක බීල වරෙන් කෑම කන්න.. මම අද ඉදි අප්පන් හදල තියෙන්නෙ..."
මගෙ අතට මග් එක දීල කන්න එන්නයි කිව්ව අම්මා කාමරේ දොර ලගට යද්දිම..
" අම්මා.."
" මොකෝ..."
" මම හීනෙන් දතක් ගැලවෙනවා දැක්කනෙ..."
" එහෙනම් ඉතින් කාගෙ හරි මරනයක් ආරන්චි වෙයි වගේ.. අනේ මන්ද සුදූ උබට මම කොච්චර නම් කියල ඇද්ද නරක හීනයක් දැක්ක නම් මුලින්ම ටැප් එකට කියපන් කියලා.. ආයෙ ඔය වගේ හීන දැක්කම මුලින්ම අපිට කියන්නෙ නැතුව ටැප් එකට කියපන් සුදූ..."
" හරි හරි අප්පා...මට අමතක උනා ඉතින් ඒකට ඔච්චර කියවන්න ඕනද කියන්නකො..."
" මට හැම තිස්සෙම කට කියවන විදිහට වැඩ සලස්සන්නෙ උබනෙ .."
" අපෝ...කෑ ගහන් නැතුව යන්නකො අම්මා..."
" යනවා තමා... හැබැයි මම කවදහරි මේ ලෝකෙන්ම යන්න ගිය දවසට තමා උබලට මගෙ අගේ දැනෙන්නෙ කියන එකත් මතක තියාගනින්.."
හීනෙන් දැක්ක දේ අම්මට කියන්න ගිහින් ඉල්ලන් නා ගත්ත මට දොස් කියල අම්මා කාමරේ දොරත් දඩාන් ගාල වහගෙන එලියට යන්න යද්දි මම ඔලුවෙ අත ගහගත්තා..
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️