~ 33 ~

591 87 104
                                    

" හශේන් අයියගෙ නංගි වෙන්න ඇති...ඒත් ඒකි ඕවර් රගනවනෙ බං...අර බලපන්කො කොස්ත අයියගෙ ඇඟේම එල්ලීගෙන දාන අගර ටික....."

විදුරය කියන දේවල් අහගෙන හිටියෙ මම දත් මිටි කකා.. ඇත්තමයි දත් නැතුව මට මේ වෙලාවෙ කොස්තව මරන් කන්න තියෙනව නම් ඒකත් මම කරනවා බය නැතුව..

මට හරි කේන්ති අප්පා උන්ගෙ කෝලම් දැක්කම...

" කොස්තගෙ ඇඟේ බැරි නම් ඔලුව උඩ නැග්ගත් අපිට මොකද බං.. "

" උබට මොකද මේ ඩෝං ගිහිල්ලා.. කොස් බිසවට දුක හිතිලවත්ද...ආ....."

" අනේ බං මගෙ අතින් මැරුම් නොකා පලයන්කො අතනට.. දැන් ඊළග වටෙත් පටන් ගන්නනෙ යන්නෙ.."

" හරි හරි මේ යනවා.. උබට අවුලක් නැත්නම් ප්‍රස්නයක් නෑ ඉතින් මටත්..."

" මට කිසි අවුලක් නෑ බං..."

කොස්ත එක්ක තිබ්බ කේන්තිය මම පිට කරේ විදුරගෙන්..ඌට මම කෑ ගහන්න ගත්ත නිසාම මූණත් එල්ලගෙන ඌ ඊළග වටේට දුවන්න තියන තැනට යද්දි මම හිටපු තැනම ඉදගෙන ඌ දිහා බලාගෙන හිටියෙ අර තුන් හතර ගොල්ලන්ගෙ කෝලම් දිහා ඇහැක් ඇරල බලන්න යන්නෙ නැතුව..

දින්නා යකෝ දින්නා....

" සුභ පැතුම් මගෙ එකෝ..."

400M දුවන තරගයෙන් දෙවනි ස්ථානය අරගෙන මගෙ දිහාට දුවන් ආපු විදුරයව බදාගෙන ඌට මම සුභ පැතුවෙ පුදුමාකාර සතුටකින්..

" තැන්ක් යූ බං..."

පිස්සො දෙන්නෙක් වගේ දෙන්නට දෙන්න මූණ දිහා බලාගෙන හිනා වෙවී අපි දෙන්නගෙම හිත් වල තිබ්බ සතුට එලියට පිට කරද්දි විදුර එක සැරේ මගෙන් ඇහුවෙ සතුට දෙපිටින් යන දෙයක්..

" මේක මටද....? "

" නෑ ඒක මගෙ..."

විදුර මගෙ අතේ තිබ්බ මුරුක්කු පැකට් එක පෙන්නල ඒක ඌටද අහද්දි මම ඒක සාක්කුවට ඔබාගත්තෙ ඌටත් රවල සුට්ටක් විතර මලෙන්..

" කොස්ත අයියනේ ඒක දුන්නෙ...මම දැක්කා කලින්ම..."

" දැක්ක නම් ඇහුවෙ මොන මගුලකටද බං..."

" අහ් මේක මාර වැඩක් උනානෙ.. උබේ හස්බන්ඩගෙ කරේ මම නෙමේ බං එල්ලීගෙන හිටියෙ.. ඔය කේන්තිය පිට කරපන් කොස්ත අයියගෙ ඇඟේ එල්ලිලා හිටපු එකීගෙන්..."

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now