- 02 -

3.3K 475 275
                                    

" බබා....."

" ඔයා කරුණාකරලා shut up සීයා පප්පා.....මට ඔයා කියන දෙයක් අහන්න ඕනෙ කමක් නෑ....මම යනවා.....හැබැයි එකක් මතක තියාගන්න ආයේම කවදාවත් මම මේ එක්ණැලිගොඩ බංගලාවට පය තියන්නෙ නෑ......ග්‍රැනී.....ග්‍රැනී......"

දඩ...දඩ...දඩ....සද්දෙන් මම තරප්පුව බැස්සා....මගෙ කකුල් වේගවත්....මගෙ පස්සෙන්ම සීයා පප්පාත් ඉක්මන් අඩි තිබ්බා ......

මම හිතන්නෙ මගෙ කටට නිවනක් තිබුනෙ නෑ........

" මගෙ ලේ හොල්ලපු මිනිහාත් එක්ක මං එක ගෙදර ජීවත් වෙන්න ......never....
කුරුඳු වත්තෙ එක්ණැලිගොඩයලා යන පාරක මම යන්නෙ නෑ......මමා ඩැඩා දැනගත්තොත් මාව එක මොහොතක් බංගලාවෙ තියෙන්නෙ නෑ.....අපි කවුද කුරුඳු වත්තෙ එක්ණැලිගොඩයලා කවුද?
තර්ඩ් ක්ලාස් පීපල්ස්ලා........බංගලාවටම අවනම්බුයි.......බංගලාවටම අවනම්බුයි....
ඇරත් මං පාරේ එද්දි මට හෝන් ගහන්න....
චාරයක් නැති පොඩි කුරුඳු වත්තයා.....
කුරුඳු වත්තෙ හයිය අරගෙන මට හෝන් ගහන්න..........මගෙ ඇඟේ ලේ හොල්ලන්න ඒකා...Never.....ලොකුයි,පොඩියි මේ ගැන දැනගත්තොත් .....විනාසයි...විනාසයි.....
මුලු කුරුඳු වත්තම හොල්ලයි......අන්න එදාට තමයි අංකල් කුරුඳු වත්තටයි,ආන්ටි කරුඳු වත්තිටයි කුරුඳු පැටව් ටිකටයි උණ ගැනෙන්නෙ..."

"බබා....බබා මං කියන දේ අහන්න....?"

"මොනවා අහන්නද? මොනවා අහන්නද සීයා පප්පා......ඔයා කැත නැතුව මගෙ ලේ හොල්ලපු කුරුඳු වත්තෙ පොඩි එක්ණැලිගොඩයාව බංගලාව අස්සෙ දාගත්තා.....කුරුඳු වත්තෙ එක්ණැලිගොඩයලා ඉන්න තැන මම හුස්ම ගන්නෙ නෑ කියලා දැන දැන ඔයා ඉස්සරහා ආපු කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගත්තා....i'm sorry සීයා පප්පා බට් මට මේ ගැන මමාට කියන්නම වෙනවා....."

මං හිතන්නෙ මට හුස්ම ගන්න පවා අමතක වුනා.....මම උන්නෙම උතුරා ගලා යන කේන්තියක වෙද්දි සූට් කේස් එකත් උස්සන් තරප්පු පෙළීයෙ අවසානම පඩිය බැහැපු මම බංගලාවේ සාලේට අඩි තිබ්බා....

සාලේ හිස්....
එක බලු බල්ලෙක් නෑ......

මාව බංගලාවෙන් යවාගන්නනෙ ඕනෙ වුනේ.....හරි බලමුකො....

"බබා ඔයා මේ ප්‍රශ්නෙ ලොකු කරලා ගෙදර මිනිස්සුන්ව අවුලලා පවුල් දෙක කොටවන්න ලෑස්ති වෙන්න එපා...."

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now