- 21 -

1.9K 405 283
                                    

" මං මිනිහානෙ කුමාරිහාමි....."

" හිටපු..."

නගරමාට රවපු මම එහෙම කියලා බිත්තිය පැත්තට හැරුනා....

මිනිහාලු....
කොහෙ ඉන්න මිනිහෙක්ද දන්නෙ නෑ....
ඉදපන්කො ඉක්මනින්ම මම උබේ කරදරේ ඉවර කරන්න....

" දැන් එතකොට එන්න බෑ කියලාද කියන්නෙ ම්ම්....?"

" ඔව්..."

බිත්තිය පැත්ත හැරිලා ඉදපු මම මගෙ ඉරියව්ව එක දශමයක් වෙනස් නොකරම නගරමා අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නා..

"මං අත ගහන්නෙ අළුත් වැඩකට ආර්වි....
ඒ වගේ තැනකදි මගෙ ළඟ ඉන්න ඕනෙම කෙනා ඔයා...."

ඇඳේ මගෙ එහා පැත්තෙන් ඇල වෙලා ඉදපු ශාල් ආයේම හඬ අවදි කලා....

ඒ හඬේ විහිලුවක ස්වාභාවක් නොතිබුනා වෙද්දි මට තේරුනා ඒ හඬ බැරෑරුම් කියලා....මට ඒ පැත්තට හැරෙන්න හිතුනාත් නෑ මං හැරෙන්න ගියෙ නෑ.....

" මං දෙවියන්ගෙ පිහිට,ආශිර්වාදේ විශ්වාස කරන මනුස්සයෙක් නෙවේ ආර්වි....දෙවියන්ගෙ පිහට නිසා මට මේ දේ ලැබෙනවා,දෙවියො මගෙ දිහා බලන් ඉන්නවා,දෙවියො මට ආශිර්වාද කරනවා..මං කරන හැම වැඩකටම දෙවියන්ගෙ බැල්ම තියනවා ඒ නිසා මං සාර්ථක වෙනවා.......ඒ වගේ දේවල් මගෙ ජීවිතේ නෑ.....ඒත් ඔයා දන්නවා මං ඔයාව විශ්වාස කරනවා.......ඔයා කියනවා නම් මට ඒ දේ පුලුවන් කියලා,ඔයා මාව trust කරනවා නම්,ඔයාගෙ  bless එක මට තියනවා  නම්,
ඔයා මගෙ ළඟින් ඉදන් මගෙ දිහා බලන් ඉන්නවා නම් මං ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා..මොකද මං දෙවියන්ව විශ්වාස නොකලාට ඔයාව විශ්වාස කරනවා....
ඒ මං ඔයාට ආදරේ කරන නිසා....මං මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන කෙනා ඔයා නිසා....මගෙ ලෝකෙම තියෙන්නෙ ඔයා ළඟ වෙච්ච නිසා ඒ වගේම මට මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන එකම කෙනාත් ඔයා විතරක්ම නිසා....."

එයා කතා කලා...
එයා දිගටම කතා කලා....

එයාගෙ වචන ළඟ ඉබේම මගෙ අතින් ඇඳ ඇතිරිල්ල මිරිකුනා.....

මීට පැයකට කලින් විශ්මි නිසා මගෙ කාමරේට ආපු එක්ණැලිගොඩ හාමු තවමත් මගෙ කාමරේ රැදිලා උන්නා.......

පැයක් පුරාවටම මේ බිත්ති හතර මැද එයා මම කතා කලේම ගැඹුරු මාතෘකාවක් වෙද්දි ශාල්ගෙ වගේම මගෙ බර මේ වෙද්දි වියන් ඇඳ දරන් උන්නා.......

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now