- 27 -

1.7K 405 235
                                    

"එයා හරි හුරතල් බබෙක් සදිල්....."

"එයාට තවම සති තුනයි කෙෂු...."

මගෙ අත් අස්සෙ හිර වෙලා උන්න පුලුන් බෝලෙව මගෙ පපුවට තුරුල් කරගත්තු මම ඒ චූටි ඔලුව අත ගගා සදිල්ට එහෙම කිව්වා වෙද්දි මගෙ පපුවෙ උණුසුමට ගුලි වෙලා ඉන්න බව් බබා දිහා බලලා සදිල් උත්තර දුන්නා.....

සදිල් කියන විදිහට එයාට සති තුනයි...
සති තුනක lion shepherd  චූටි කෙලි පැටික්කියෙක් එයා......

" මෙයාව තියාගන්න එක ඔයාට ප්‍රශ්නයක් නෙවේද? එයාව දැකපු හැටිය මට ඔයාව මතක් වුනේ...ඒකයි අහන්නෙ බලන්නෙ නැතිවම ගෙනාවේ...."

"නෑ කිසිම ප්‍රශ්නයක් නෑ මං කැමති මෙයාව මගෙ ළඟ තියාගන්න Thank you.."

පොඩි බටු ඇටේව තව තව මගෙ පපුවට තුරුල් කරගත්තු මම සදිල් දිහා බලලා එයාට Thank කලා...

සදිල්ගෙ යාලුවෙක් බලු පැටවුන්ව විකුණනවා....අද එහෙ ගිහාම තමා සදිල්ට මෙයාව මුණ ගැහිලා තියෙන්නෙ....
එයාව දැකපු ගමන්ම සදිල්ට මාව මතක් වෙලා...මොකද මම පොඩි කාලේ ඉදන්ම බව් බබාලට කැමති වගේම අපේ ගෙදර කාලයක් බලු කොටුවක් වෙලා තිබුනා....ඒත් අන්තිමට මගෙ ළඟ ඉදපු ශැඩෝ දිව්‍යලෝකෙට ගියාට පස්සෙ මං ආයේම බලු බබෙක් හැදුවෙ නෑ....එකක් මට එයාලා නැති වෙද්දි දුක දරාගන්න බෑ අනිත් එක ඒ දවස් වල මම ස්ටඩීස් එක්ක බිසී වුනා....පස්සෙ ජොබ් එකත් එක්ක කොහොමවත්ම මට බලු බබෙක්ව හදන්න  පුලුවන්කමක් තිබුනෙ නෑ....

මගෙ ශැඩොත් lion shepherd පැටියෙක්..එයා නැති වුනේ උණ ගැනිලා...එයාට වැඩි වයසකුත් නෑ....පව්........ඒ කොහොම වුනත් ඉතින් සදිල්ට මෙයාව දැක්කාහම මාව මතක් වෙලා...මාව නෙවෙයි මගෙ ශැඩෝව.....ඉතින් සදිල් එයාගෙ යාලුවට සල්ලි දීලා මෙයාව අරගෙන....ශැඩෝගෙ මරණෙත් එක්ක මම හිටියෙ ආයේම බල්ලෙක්ව හදන්නෙ නෑයිම කියලා වුනත් මෙයාව දැක්කාහම නම් ඒ සිතිවිල්ල පැලේ දොරෙන් පැනලා ගියා....

මගෙ ශැඩෝ කොලු පැටියෙක්...මෙයා නම් ඉතින් කෙලු පැටියෙක් ..... මම මීට කලින් කවදාවත් බලු කෙල්ලෙක්ව හදලා නෑ.....

" හෙට මෙයාව vet කෙනෙක් ළඟට අරගෙන යන්න වෙනවා කෙෂු...මෙයාගෙ විටමින් වර්ග එහෙමත් ගන්න ඕනෙනෙ..
අහ් මෙන්න එයාගෙ කිරි එක...."

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now