- 18 -

2K 403 300
                                    

" ගෙදර යමු ...."

" ඒ මොකටද?"

සදිල් මට ගෙදර යමුයි කිව්වා වෙද්දි කිසිම තැකීමක් නැතිව මම සදිල්ගෙන් එහෙම ඇහුවා....

" ඒ මොකටද කියන්නෙ?
තමුසෙට පුලුවන්ද මෙහෙ ඉන්න.....?"

සදිල්ගෙ මූණ කේන්තියෙන් වැහිලා තිබුනා....සදිල්ගෙන් පිට වෙන වචන වල ආවේගෙ වෑහුනා....මං දන්නවා සදිල් මෙහෙම හැසිරෙන්නෙ මං නිසාමයි ඒත්....,

" ඇයි මට ඉන්න බැරි"

සදිල් කියන කාරණාව ගැන සහ සුද්දෙන්ම දැන දැනම වුනත් මම සාමාන්‍ය විදිහට සදිල්ගෙන් එහෙම ඇහුවා.....

" පොඩි එකෙක් වෙන්න එපා චූටි අයියෙ...
අරකි ඇවිත් තියෙන්නෙ සති දෙකකට.
ඉතින් තමුසෙට පුලුවන්ද ඒකිගෙයි අරූගෙයි මඟුල් බල බල මෙහෙට වෙලා ඉන්න.....?"

" මේ මගෙ තැන සදිල්....
ඔය ආපු එකී ආවේ මගෙ ගෙදරට....
ඒකි මගෙ ගෙදරට ආපු අමුත්තෙක් විතරයි.කොහෙන්වත් ආපු පිට එකියක්ට මගෙ තැන දීලා මං මොකටද යන්නෙ....???
ඒක නම් කවදාවත් වෙන්නෙ නෑ..."

මගෙ මූණට මහම මහා කුරිරු හිනාවක් ඇඳුනා වගේම මගෙ වචන ස්ථිර වුනා....

කොච්චර මම සාමාන්‍යයි කියලා පිටට දෙන්න උත්සහා කලත් මගෙ පපුව ගිනි කන්දත්.....පිපිරෙන්න ඔන්න මෙන්න....
ඒත් කලබල වෙලා බෑ.....මොකද මට මෝඩයෙක් වෙන්න බෑ ඊටත් අනිත් හැමදේටම වඩා මට මගෙ ගෞරවය වටිනවා...

" මට තේරෙන්නෙ නෑ කෙෂු......ඒත් ඔයා විදවනවා බලන්න මට ඕනෙ නෑ....."

" මං ගැන දැන දැන ඔයා ඔහොම කතා කරන්න එපා සදිල්....එතකොට මට මං ගැන දැනෙන්නෙ අඩු මානසිකත්වයක්...
රිදෙන්නෙ නෑ කියලා මට කියන්න බෑ.මට රිදෙනවා...මට රිදෙන්නෙ මාස ගානක ඉදන් ඒත් මට ඔයාට ප්‍රොමිස් වෙන්න පුලුවන් අර ගෑණි නිසා නම් මම රිද්දගන්නෙ නෑ...."

මගෙ ඇස් වලට එබුන සදිල් මගෙ අතින් අල්ලන් කතා කලා...මං හිතන්නෙ පණ්ඩිත පොඩි එකා මෙවලෙ සංවේදි වෙලා.....සදිල්ගෙ කටහඬ පුරාම තිබුනෙ හැඟීම්බර පෙනුමක් වෙද්දි සදිල්ගෙ අත් වලට මැදි වුන මගෙ අත් සදිල්ගෙන් මුදවගත්තු මං,මගෙ අත් වලට සදිල්ගෙ අත් මැදි කරගත්ටා....ඒ පිරිමි අත් පිරිමදින ගමන් මම කතා කලා....

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now