" අනේ චූටි බේබි මට මහන්සි....."
" මහන්සි කියලා කොහොමද තව වට දෙකනෙ දිව්වෙ....මනුස්සයෙක් වුනාහම healthy වෙන්න ඕනෙ අප්පු....."
මට පිටි පස්සෙන් වෙනදා වගේම මට අප්පුවාගෙ හෙම්බත් කටහඬ ඇහුනා වෙද්දි හති ඇර ඇර ඉස්සරහාට දුවන ගමන් ඉදපු මම එහෙම කිව්වා....
" මට ඕනෙ නැති මංගලයක් නෑ චූටි බේබි.... චූටි බේබි තනියම දුවාගනින්කො වදේ.... එහෙම නැත්නම් අර මිනිහා ඉන්නෙ....මිනිහාව අඩගහගත්තා නම් ඉවරනෙ....."
මගෙ පිටි පස්සෙන් දුවගෙන එන අප්පුවා ඊළඟට කියපු දේත් එක්ක මගෙ ගමන නැවැතුනා වෙද්දි මූණ දෙක කරගෙන මම පිටි පස්ස හැරුනා.....
" මට ඇති මිනිහෙක් නෑ අප්පු...උබ මගෙන් මැරුම් කන්න එපා...."
මගෙ දිවීම නතර වෙනවාත් එක්කම අප්පුවාත් නතර වුනා....ඒකා දිවත් එළියට දාන් දෙකට තුනට නැවීගෙන හති ඇරියා...
විකාර...වට දෙකක් දුවලා මැරෙන්න යනවා...
ඒකා මිනිහෙක් ගැන කියද්දි මම ඒකාගෙ ඇඟට ගොඩ වුනා වෙද්දි,
" අනේ බොරුව නොදා ඉන්න චූටි බේබි
පුලුවාන් තරම් මායම් දාලා සුදු මහත්තයාව අල්ලගෙන,ගෙවල් වලට හොරෙන් කසාඳත් බැඳගෙන වැඩේ වන වුනාහම යැයි යැයි ගානවා.....එක අතකට අවුරුදු එක හමාරක් හරි මෝහිනියෙක් එක්ක පවුල් කෑවාට සුදු මහත්තයාට දිරි දීමනාවක් දෙන්න ඕනෙ...ඒත් ඔය කුපාඩි හාමු හු&තාටත් හොඳ වැඩේ....පුදුම අමාරුවක්නෙ තිබුනෙ......මට නම් දුක සුදු මහත්තයා ගැනවත් මං ගැනවත් නෙවේ දවසක උපදින ළමයි ගැන.....උන්ව අමුවෙන් කයි ....."AAAAAAA මට මූව මරන්න ඕනෙ....
මට මූව මරන්න ඕනේ.....දැක්කාද?
දැක්කාද මේ තර්ඩ් ක්ලාස් මිනිහා කියන අමන කතා......stress....stress.....stress.....
හොඳටම stress.....තර්ඩ් ක්ලාස් අප්පුවා කටට බ්රේක් නැතිව ඔහේ කියවන් ගියා වෙද්දි ගිනි පිට වෙවී මං ඒකා දිහා බලන් උන්නා....
"අනික චූටි බේ......"
"මට අහන්න ඕනෙ නෑ....මට අහන්න ඕනෙ නෑ .........මට අහන්න ඕනෙ නෑ....
මෝඩ මිනිහා...උබ සුදු මහත්තයා එක්කම ඉදපන්....."