- 29 -

1.7K 392 156
                                    

"Awwww ලොකු වෙනසක්..."

"ම්ම්ම්....අරූට වෙනස් කරනකම් නින්ද ගියෙ නෑ...."

පැයකට ආසන්න ගමනකින් පස්සෙ මං වගේම ශාල් තිහස්ගෙ ඇනෙක්ස් එකට පය තිබ්බා.....

ඇනෙක්ස් එකට ඇතුල් වෙනවාත් එක්කම මං පුදුම වුනා....

සෑහෙන ලොකු වෙනසක් සිද්ද වෙලා තිබුනා......

එදා මං පළවෙනි වතාවට ආපු වෙලේ තිබුන විදිහ නෙවෙයි දැන්.....

මගෙ ඇස් Living area එක වටේම දිව්වා.....

එදා මම මෙහෙට පය තියපු මුල්ම වතාවේ තිබුන  සාමාන්‍ය විසිත්ත කාමරේට මේ වෙද්දි එක එක දේවල් එකතු වෙලා තිබුනා...

එදා වාඩි වෙන්න තිබුනෙ සාමාන්‍ය ලී පුටු සැටියක් වුනත් අද සෝෆා සෙට් එකක් අළුතින් එකතු වෙලා තිබුනා.... කාපට් වගේම කර්ට්න් වෙනස් කරලා තිබුනා...ඒ විතරක් නෙවෙයි එදා නොතිබුන TV එකක් අද බිත්තියෙ එල්ලලා තිබුනා.. ඒවගේම මාළු ටැංකියක් වගේම මල් වාස් එකක් අළුතින් එකතුවෙලා.....බිත්ති වල පාට මාරු කරලා
කලින් තිබුනෙ කහ පාට වෙද්දි මේ වෙනකොට හැම බිත්තියක්ම කිරි සුදු පටින් දිලිසුනා.....පිළිවෙලයි වගේම ලස්සනයි....

" තිහස්ද මේ හැමදේම කලේ....?"

වෙලා තියෙන වෙනස ඇස් වලින් රස විදින අතරෙ මම  ශාල්ගෙන් එහෙම ඇහුවා...මං හිතන්නෙ මගෙ ඇස් දිලිසෙන්න ඇති....

"සෑහෙන දුරක් ඌ තනියම තමයි කරගත්තෙ ඒත්......"

මගෙ ප්‍රශ්නෙට ශාල් උත්තර දුන්නා ඒත් මගින් එයාගෙ වචන හිර වුනා......එයා දෙන්න හදන උත්තරේ වගේම මට ඕනෙ වෙච්ච උත්තරේ දෙකක් වෙද්දි මං ඇස් හීනි කරගෙන එයා දිහා බැලුවා....

" ඒත් ඔයාත් එයාට උදව් කලා එහෙමද?"

එයාගෙ උත්තරේ සහසුද්දෙන්ම දන්න මම එයාගෙන් එහෙම අහද්දි වැරැද්දක් කරපු පොඩි එකෙක් ගානට එයා අහක බලාගත්තා ......මෝඩයා....

" ඔයාලා තමයි එයාව නරක් කරන්නෙ....
එයා තනියම කරගන්න හදන දෙයක් එයාට තනියම කරගන්න ඉඩ අරින්න...
ඉස්සර හිටපු තොත්ත බබා නෙවෙයි එයාට දැන් තනියම දේවල් කරගන්න පුලුවන්.එයා ඒ දේට ආසයි......එයාට මේ දේවල් කරන්න බැරි නම් එයා කාව හරි ලව්වා මේ දේ කරගන්නවානෙ ඒත් එයා එහෙම නොකෙරුවෙ එයාට තනියම පුලුවන් නිසා....."

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now