" අර අප්පුවාවත් වාහනෙ දාගෙන
මගෙ වචන තඹේකට ගණන් නොගෙන ගියපු හැටි විතරක්......bloody fool...."" ඒ මිනිහා එක්ණැලිගොඩ පරම්පරාවටම insult කරනවා.....හාම්පුතා වැඩකාරයාව කාර් එකේ දාගෙන යන සිරිතක් තියනවාද විලී....අහ්.......මොන ලැජ්ජා නැති වැඩක්ද ඒ........ඇරත් දැක්කාද ඒ මනුස්සයා ඇඳගෙන ගියපු ඇඳුම.....
රස්තියාදුකාරයෙක් වගේ කොට කලිසමයි,arm cut එකයි....බංගලාවක හාමු මහත්තයෙක්ට ගැලපෙන දේවල්ද ඒ.... he's a good for - nothing clod ...ඔය ඇවිත් ඉන්න අනිත් එකාත් ඒ ආරේමයි....."" ඔව් ග්‍රැනී ඔව්...ඒ කොල්ලා නම් අනේ මන්දා...මම තිසල්යගෙ රූම් එකට යද්දි එකා ටී ශර්ට් එකක්වත් නැතිව ඉදියෙ...ඊයා අනේ.......අනික bad words හරියට යූස් කරනවා...."
" කොල්ලො වුනාහම එහෙම තමයි බබා....
කොල්ලො නෙවෙයි කෙල්ලො වුනත් යාලුවො එක්ක කතා කෙරවෙන්නෙ එහෙම තමයි....ඕනවට වඩා ඕවා හිතන්න හොඳ නෑ..."මං,ග්‍රැනී වගේම සීයා පප්පා උන්නෙ බංගලාවේ ඉස්තෝප්පු කාමරේ වෙද්දි
අස්සයා ගෝන් ටික් ටික් කරන්න පුලුවන් වේවැල් පුටුවෙ හාන්සි වෙලා ඉස්සරහාට පස්සට පැඳ්දි පැද්දි ඉදපු සීයා පප්පා මට එහෙම කියනවාත් එක්ක මගෙ කට ඇඳ වුනා....අසමජ්ජාති නගරමා උබ හොඳම එකෙන් සීයා පප්පාව වශී කරගෙන.....
" නොහිතා කොහොමද? බංගලාව කියන්නෙ ගමේ ගොඩේ ටකරං ගෙයක් නෙවෙයිනෙ විලී......බංගලාව ඇතුලෙ ඉන්නවා නම් ඒ විදිහට ඉන්න දැනගන්න ඕනෙ....බලන්න බබා ඉන්න විදිහ...."
"ඒකනෙ ග්‍රැනී...බලන්නකො සීයා පප්පා මං ඉන්න විදිහ....හැදෙන tree එක දෙපැත්තෙන් දැනෙනවානෙ නේද ග්‍රැනී.....
ඕවා ලේ එක්කම කාවැදෙන්න ඕනෙ....ජයසූරිය කෙනෙක් වුනත් මගෙ ඇගේ දුවන්නෙ එක්ණැලිගොඩ ලේ...ඒත් අර නගරමා.....ඒකා එක්ණැලිගොඩ කෙනෙක් වෙලත් ඇඟේ දුවන්නෙ තර්ඩ් ක්ලාස් ලේ.....හෑයියා....මට නම් මගෙ brother in law කියන්නත් ලැජ්ජායි....
නගරමා කවදාත් ඔහොමයි මතකනෙ ඉස්සරත් රස්තියාදුකාර යාලුවො පිරවරාගෙන හිටපු හැටි...."බංගලාවේ ඉස්තෝප්පු කාමරේ වේවැල් පුටු හතරයි....හතරම තිබුනෙ කොන් හතරකට වෙන්න .....සීයා පපාට ඉස්සරහායින් තිබුන මුල්ලෙ ග්‍රැනී වගේම ග්‍රැනීට එහා පැත්තෙ මුල්ලෙ මම වාඩි වෙලා උන්නා....වේවැල් පුටුවෙ හාන්සි වෙලා ඉදපු මම හෙනම ජුගුප්සාජනකව එහෙම කියන ගමන් පුටුවෙ කෙලින් වුනා.....කෙලින් වෙලා කකුල් දෙකත් උඩට ගත්තා...