" කෙෂිල් මේ දවස් වල මොකක් හරි ප්‍රශ්නෙකද ඉන්නෙ? මොනවා හරි දෙයක් ගැන කල්පනා කරනවාද?"
" එහෙම නෑ ශෙවාන්....."
මවාගත්තු හිනාවක් ඩොක්ටර්ට දීපු මම එහෙම කිව්වා....
" ම්ම්ම්....ඒත් BP level එක පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින් තියෙන්නෙ....අනික
ඇඟ හුඟක් දුර්වලයි......? උබ කන්න දෙන්නෙ නැද්ද බන්?"මුල් ටික සීරියස් විදිහට මගෙ දිහා බලලා කියපු ශෙවාන් අවසානෙ එහෙම කිව්වෙ
මගෙ එහා පැත්තෙ ඉන්න නගරමා දිහා බලලා හිනා වෙලා වෙද්දි මං හිතන්නෙ මගෙ ඇඟේ මාලු නටන්න ගත්තා වගේම," කන එක නම් කනවා හැබැයි මාව...."
" එක එකාව කකා ඉන්න මට පිස්සු නෑ ශෙවාන්.....ඇරත් මන් තමුන් ළඟට ආවේ තියන ලෙඩකට බෙහෙත් ගන්න මිසක් මගෙ කෑම ගැන කතා කරන්න නෙවේ...ඇඟ දුර්වලයි නම් මට විටමින් එකක් රෙකමන්ඩ් කරනවා අනුන්ගෙ මඟුල් හොයන්නෙ නැතුව........ඊටත් තිසල්‍ය මොකටද මට කන්න දෙන්නෙ? "
නගරමාගෙ අවලං කතාවත් එක්ක මං හිතන්නෙ මාව පිපිරුවා......
ඒත් මම දේවාරූඩෙන් බැනගෙන ගියෙ ශෙවාන්ට වෙද්දි ඒකා බය වෙලා වගේ මගෙ දිහා බලන් උන්නා...ඕනෙ නැති මඟුලක් නෑ....
නගරමාගෙ හුස්ම වැදුන වැලිකැටේ පවා පිරිහිලා....ඩොක්ටර් කෙනෙක් වුනාහම අනුන්ගෙ චීත්ත හොයන්නෙ නැතුව වැදගත් විදිහට තමන්ගෙ ජොබ් එක කරගෙන ඉදපන්කො...... AAAAAAA අවලං නගරමා.....ශෙවාන් කියන්නෙ නගරමාගෙ යාලුවෙක් වෙද්දි මට හිතුනෙම නගරමායි නගරමාගෙ අවලං යාලුවොයි නම් පුදුම සාපයක් කියලා.....මටත් හොඳ වැඩේ වෙන ඩොක්ටර්ස්ලා නෑ වගේ මූ ළඟටම ආවා....දඹුල්ලටම ඉන්න එකම දොස්තරයා මූ විතරනෙ ඇයි....
"හරි හරි ඉතින් තරහා ගන්නෙ මොකටද?
මං නිකන් කිව්වෙ.ඔහොම තරහා ගත්තොත් ප්‍රෙෂර් නෙවේ නහරයක් ගහලා යන්නෙ........තෝ නිසා තමා මේ ඔක්කොම......."මගෙ කෑගැහිල්ල ළඟ දොස්තරයා සැලැන්ඩර් වෙද්දි එහෙම කියපු ශෙවාන් කොළයක් අරගෙන නයි අකුරු ලියන්න ගත්තා.....
ඔන්න ඔහොම පාඩුවෙ තමන්ගෙ ජොබ් එක කලා නම් ඉවරනෙ...."
" මිනිහාට දාන පාර්ට් හැම එකාටම දාන්න එපා කුමාරුහාමි....තමන්ගෙ මිනිහා වගේ නෙවේනෙ පිට වුන්......"