" දැන් මොකක්ද බබා අර පණ්ඩිත කොල්ලාට වෙලා තියෙන්නෙ??"
" කවුද ග්‍රැනී දන්නෙ ඒ මිනිහාට මොළේ අමාරුව....ඇඟ හැම තැනම තුවාල...."
Breakfast එක ගන්න අතරෙම මම ග්‍රැනීට උත්තර දුන්නා....
" බෙහෙත් දාගෙන නැතිද?"
"නෑ මම ගිහින් ගෙදර තිබුන බෙහෙත් වලින් බෙහෙත් දැම්මා ඒත් අපි doctors ලා නෙවේනෙ ග්‍රැනී....මං කිව්වා උදේම ගිහින් doctor කෙනෙක්ව හම්බෙන්න කියලා...මොකක් කරයිද දන්නෙ නෑ......"
"හ්ම්ම්ම්....ඕනෙ එකක් කරගත්තාවේ...
ඔයා උදව් ඕනෙ වෙලාවේ ගියානේ ඒ ඇති ආයේ ඕනෙ නෑ මොකුත්.....මගෙ නම් හිතේ පොඩිම කැමැත්තක්වත් නෑ ඔයා එක එක ගුබ්බෑයම් අස්සට රිංගනවාට...."අතේ තිබුන පාන් පෙත්තට බටර් ගාන අතරෙ ග්‍රැනී එහෙම කිව්වා...
උදේම මම තිහස්ගෙ ඇනෙක්ස් එකෙන් බංගලාවට ආවා...මම එන්න ආවේම නගරමාට doctor කෙනෙක් ළඟට යන්න කියලා වෙද්දි මං දන්නෙ නෑ ඒ මිනිහා මොකක් කරගනීද කියලා...
එක අතකට ග්‍රැනී කියනවාත් වගේ මම උදව් ඕනෙ වෙලාවේ ළඟ හිටියානෙ ඒ ඇති. ..ඊට එහා දේවල් ඕනෙ නෑ....
" හ්ම්ම්ම්......"
" බබා ඔය කාලා ඉවරද?"
ග්‍රැනීට හූමිටි තියපු මම එහෙන්ම ප්ලේට් එකට එහා පැත්තෙන් තිබුන වතුර වීදුරුව බිව්වා වෙද්දි ග්‍රැනී මගෙන් පුදුමෙන් වගේ එහෙම ඇහුවා.....
මම සාමාන්‍යයෙන් කෑම කන අතරෙ වතුර බොන මනුස්සයෙක් නෙවෙයි....කෑම කන්න කලින් වතුර වීදුරුවක් බොන එක පුරුද්ද කරගෙන ඉදපු මම ආයේම කෑම කාලා ඉවර වුනාට පස්සෙ වතුර වීදුරුවක් බොන එක පුරුද්ද කරගෙන උන්නා.... ඒ අතර මැද කෑම කන අතරෙ වතුර උඟුරක් තරම මම බොන්නෙ නෑ...ඉතින් මම වතුර බීපු නිසා ග්‍රැනීට තේරෙන්න ඇති මම කාලා ඉවරයි කියලා....
" ඔව් ග්‍රැනී.....ඇති...."
" ඇති කියන්නෙ ළමයෝ පාන් පෙති දෙකට බඩ පිරෙනවාද?ඔහොම කාලා කොහොමද බෙහෙත්වත් බොන්නෙ??? අර රස්තියාදුකාරයා නිසා ඊයේ රෑ බෙහෙත් බීලාත් නෑ.....ඊට පස්සෙ නොකා නොබී ඉදලා ලෙඩ වැඩි කරගත්තාහම අර අනිත් රස්තියාදුකාරයෝ දෙන්නා මට කතා කරලා අහයි බබා ලෙඩ වෙනකම් ග්‍රැනී මොනවාද කලේ කියලා..."
