- 16 -

2.8K 429 251
                                    

"කෙෂු..."

"ම්ම්....."

මගෙ උරහිස උඩ සදිල්ගෙ හිස තද වෙලා තිබුනා....එක සීරු මගෙ අතක් සදිල්ගෙ පිට දිගේ ඉහළ පහළ ගියා.....

කඳුලු වලට බර වුන සදිල්ගෙ හඬ අවදි වුනා...මම හූමිටි තිබ්බා...

" මට මාර අසරණ හැඟීමක් දැනෙන්නෙ කෙෂු......තැලෙන යකඩෙ උඩ උඩ පැන පැනම උන් තලනවා ඕයි....."

" උන් එහෙම තලන්නෙ ඔයා ඒකට උන්ට ඉඩ දෙන නිසා සදිල්...වදින්න වදින්න ගහන එකාත් මෝඩයා....ගහන්න ගහන්න වදින එකත් මෝඩයා....ඔයා හැමදාම කලේ උන් රිද්දද්දි රිද්දගෙන මං ළඟට ආපු එක විතරයි ....ඔයා කවදාවත් මං කියන දෙයක් අහපු ළමේක් නෙවෙයි..."

සදිල්ගෙ කඳුලු වලින් මගෙ උරහිස තෙත් වෙලා තිබුනා....ඇඳගෙන උන්න ටී ශර්ට් එක උරහිස ළඟින් කඳුලු වලටම ඇඟට ඇලිලා ගිහින්....

සදිල් මාව හොයාගෙන ඇවිත් තිබුනෙම අඩන්න වෙද්දි  මගෙ උරහිස උඩ එයා පැයකට කිට්ටුව කඳුලු දිය කලා....

" මං තනි වෙලා කෙෂු...."

එහෙම කියන ගමන් සදිල් තව ටිකක් මගෙ උරහිස් අස්සෙ මූණ හංග ගත්තා...

සදිල් සදිල්ගෙ බර මගෙ උරහිස් උඩ නිදහස් කරනකොට සදිල්ගෙ කඳුලු ළඟ වගේම වේදනාව ළඟ මේ වෙනකොටත් මගෙ පපුව බර වෙලා තිබුනා....

කවුරු ඇඬුවාත් දුක දුකම වුනත්
ගෑණියෙක් අඩද්දි වගේ නෙවෙයි පිරිමියෙක් අඩද්දි.....
ඒක බලන්න ඉන්න හරි අමාරුයි...
පපුවට හරි බරයි.....

ගෑනු කඳුලු හෑල්ලු කරනවා නෙවෙයි ඒත් පිරිමි කඳුලු වල බර වැඩී.....
ඇරත් මේ අඩන පිරිමියා පිට කෙනෙක් නොවෙද්දි ඊටත් වඩා මගෙ පපුව බරයි....

" ඔයා මම අතර මොන විදිහෙ ප්‍රශ්න තිබුනාත් ඒ කිසි දෙයක් අපි දෙන්නාගෙ බැඳීමට අදාල නෑ සදිල්....අපේ ජීවිත කොහොම ගත වුනත් ඔයා එදා වගේම අදත් මගෙ මල්ලි....කාලෙකදි අපි යාලුයි,කාලේකදි අපි තරහායි...අපි
හිනාවෙනවා....වෙලාවකට රවාගන්නවා...
වෙලාවකට බදාගන්නවා තවත් වෙලාවකට කුලල් කාගන්නවා....මං දන්නවා අද දවස ගෙවිලා ගත වෙන හෙට දවසෙ ඔයා ආයේම මගෙත් එක්ක පැටලෙයි...මං ඔයාත් එක්ක පැටලෙයි ඒත් අද දවස අපි බදාගමු සදිල්....තුන්සිය හැටපස් දවසම අපි රණ්ඩු කලාත් බදාගන්න ඕනෙම තැන් වල අපි එදා වගේම බදාගමු.......ඒ වෙනුවෙන් හැමදාම වගේ අදත් මං ඔයාට ඉන්නවා....අද නෙවෙයි ඉස්සරහාටත් මං ඔයාට ඉන්නවා....ඉතින් ඔයා තනි වෙලා කියලා හිතන එකම හරිම මෝඩ දෙයක් සදිල්..ඇරත් මං විතරක් නෙවෙයි ඔයාට නාද්‍යා ඉන්නවා,අපේ මමා ඩැඩා ඉන්නවා....කොච්චර වලි දාගත්තාත් ලොකුයි පොඩියිත් ඔයාට ඉන්නවා....."

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now