යක්කු ගස් නගින හොරාවේ මුලු බංගලාවටම නගරමාගෙ කාමරේ විතරක් විදුලි පහන් දැල්විලා තිබුනා......
ටයිල් පොළවෙ සීතල ඇඳගෙන ඉන්න කලිසම පසාරු කරගෙන පශ්චාත් භාගෙට ඕනවටත් වඩා දැනෙද්දි මම පොඩ්ඩක් ඇඹරුනා....
Uwwwwwww
අද නම් නුවර එළියකි මා වෙසන ගම.....අතේ තිබුන ටූත් පික් එකට ඌරු මස් කෑල්ලක් අමුණ ගත්තු මම සේරටම කලින් ඒකේ රස බැලුවා.....
රහයි.....
ඇත්තටම රහයි.....මොන තරම් කාලෙකට පස්සෙද මම මේ pork කන්නෙ...... ඇයි ඉතින් බංගලාවට ඌරෝ අකපයිනෙ.....අම්මෝ ග්‍රැනී දැනගත්තොත් ඉවරයි......සුන්නත් දූලි....ඒත් ඉතින් මට අදටත් තියන ප්‍රශ්නෙ චිකනාව කැප වෙලා කොහොමද ඌරාව අකැප වුනේ.....දෙන්නාම සත්තුනෙ.....
එක අතකට ඉතින් ඒවා මොකටද මට....." චියර්ස්....."
ටින් ටින් සද්දෙට වොඩ්කා ග්ලාස් තුන එකට වැදුනා වෙද්දි ඒ සද්දෙටම මම වගේම නගරමාගෙ යාලුවා චියර්ස් ගෑවා....
අපත නගරමාගෙන් නම් කිසිම සද්දයක් තිබුනෙ නෑ ඒකා කලේ අපේ ග්ලාස් එක්ක ඒකාගෙ ග්ලාස් එක එකට හප්පපු එක විතරයි.....නගරමාගෙ කාමරේ හරි මැද,
ලිකර් වර්ග වගේම බයිට් වලින් පිරුණ පොඩි ස්ටූල් එක.....ඒ වටේ මං,නගරමා වගේම ඒකාගෙ අවලං යාලුවා වාඩි වෙලා උන්නා......." ඕකට තණකොළ ගලවන් යන්නෙ කුමාරිහාමි ..... පරිස්සමින් "
මම වොඩ්කා වීදුරුවට තොල තියනවාත් එක්කම .....
නගරමා......
මගෙ එහා පැත්තෙන් උන්නෙ නගරමා වෙද්දි සෑහෙන වෙලාවකට පස්සෙ ඒකාගෙ හඬ අවදි කලා.....
ඒකා එකාගෙ අතේ තිබුන ග්ලාස් එකේ කට වටේ රවුමට ඒකාගෙ ඇඟිල්ල ගෙනියන ගමන් මට එහෙම කියද්දි,
" හිතුවාද මං පුරුදු වෙන්න බොනවා කියලා..."
නගරමාට රවපු මම එහෙම කිව්වා ....
තණකොළ ගලවන් ගියාත් නැතත් නගරමාට අදාල නෑනේ.....කොච්චර කොහොම එකට බිව්වා වුනත් මගෙයි නගරමායි ඒ තරම් ඇයි හොදයියක් තියෙන්න බෑ.....නගරමා ඕනෙ නෑ මට උගන්නන්න.....කරන්න ඕනෙ මොනවාද නොකරන්න ඕනෙ මොනවාද කියන්න මම දන්නවා....