තිසල්‍ය එක්ණැලිගොඩනගරමා...
නගරමා මට fb රික්වෙස්ට් එකක් එවලා...මං කවුරු කියලාද දන්නෙ නෑ නගරමා හිතන් ඉන්නෙ මට රික්වෙස්ට් එවන්න...
අනික උජාරුවට එක්ණැලිගොඩ කියලා දාන් ඉන්න හැටි....ඔය මට වැදෙන්න අනේ....වෙන මොකටද නැත්නම්...
නගරමා නගරමා නගරමා....
I hate you.....රික්වෙස්ට් එක ඇවිත් තියෙන්නෙ සතියකට කලින්....මම වැඩිපුර fb එන මනුස්සයෙක් නෙවෙයි...ඊයා අනේ fb යූස් කරන්නෙ ගොඩයො...මං පාවිච්චි කරන්නෙ ඉන්ස්ටා...කරුඳු වත්තයාත් ඉන්ස්ටා ඉන්නවා....ඒකාට ඉන්ස්ටා වලින් මාව ෆ්ලෝව් කරන්න බෑ එනවා මෙතන ගොඩයො පාවිච්චි කරන fb වලින් මට රික්වෙස්ට් එවන්න...
ඒත් ඕපදූප හොයන්න ඕනෙ නිසා මම රික්වෙස්ට් එකක් accept කලා...
අවුලක් නෑ දාපු ගමන් ගත්තා නෙවේනෙ
සතියක්ම පරණයි....
මූ ඇර කුරුඳු වත්තෙ පවුලම ඉස්සර ඉදන්ම මගෙ fb එකේ ඉන්නවා... මූත් හිටියා කලින් ඒත් මුගෙ කල්කිරියාව නිසා මම මූව අන්ෆ්‍රෙන්ඩ් කලා......අන්ෆ්‍රෙන්ඩ් නෙවෙයි අනේ මම බ්ලොක් කරලා උන්නෙ ඒත් පස්සෙ ආයේම අන්බ්ලොක් කලා....ඒත් රික්වෙස්ට් එකක් නම් දාන්න ගියෙ නෑ...මොකටද ගොඩයොන්ව ඇඩ් කරගන්නෙ......ඒත් මං කියන්නෙ
මං එච්චර දෙයක් කරලාත් ආයේම මට රික්වෙස්ට් එකක් එවලා තියන කැත ලැජ්ජා නැතුවනගරමාගෙ රික්වෙස්ට් එක ගත්තු මම
සමහර මිනිස්සුන්ගෙ ලැජ්ජාව රෙද්ද පල්ලෙ කියලා තිබුන පෝස්ට් එකට brother ewww කියලා කැප්ෂන් දාලා ඒ අගට වෝමිට් වෙන ඉමෝජිත් දාලා ඒක ශෙයාර් කලා...හරි දැන් සැනසීමයි.....
නගමාලාගෙ පවුලයි අපේ පවුලයි
මහා පරිමාණ වලයක් දාගත්තාහමත් හොමයි....අපි දෙගොල්ලො fb එකෙන් තමයි එක එකාට වැඳෙන්න පෝස්ට් දාගන්නෙ....ඔය නගරමාගෙ අක්කා එහෙම...
අම්මෝ බලන්න එපෑ
ගිනි කිකිලි....මට නම් සෙට්ම නෑ....
මොනවා වුනත් ඒ ගිනි කිකිලිට වඩානම් නගරමා හොඳයි....ඇයි නගරමාගෙ මමා ඒ අනිත් ගිනි බෝම්බෙ...."නෑ නෑ මෙතෙන්ට විතරයි....
මෙතනින් උඩට අත ගියොත් සුදු මහත්තයාට කලින් මේ කාලි ආත්මෙ මගෙ ලේ ටික බොයි...."