අවටින් හමපු සීතල හුළඟ ගතට අමුතුම මිහිරක් වුනා....
හමපු හුළඟට බෝ කොළ සිලි සිලි සද්දෙන්
ලෙල දුනා....ඉර බහින හෝරාවේ පන්සල් භූමියටම උන්නෙ එයා මං වගේම තවත් කිහිප දෙනෙක් විතරක් වෙද්දි එයාගෙ අතකට තොණ්ඩු දාගෙන උන්න මම බෝ මලුව පාස් කරගෙන විහාරෙ පැත්ත අඩි තිබ්බා..
මල් වගේම දැල්වෙන හඳුන් කූරු වල සුවඳ මගෙ නාස් කුහර දිගේ අවිත් සරුවාංගෙට කා වැදුනා....
පන්සල් සුවඳයි.....
මං ආසම පන්සලෙන් එන මෙන්න මේ පන්සල් සුවඳවට....
ඒ සුවඳ මගෙ හිතට පුදුමාකාර සැනසීමක් ගෙනාව
" වැටෙයි...."
වටපිටාවට ඇහැ දාගෙන පියවර තියපු මම
එක පාරටම වැටෙන්න ගියා වෙද්දි එයා මාව අල්ල ගත්තා..." මොන සිහියෙන්ද ඉන්නෙ....
තව පොඩ්ඩෙන් වැටෙනවා...."එයාගෙ අතක් වෙලාගෙන ඉදපු මට එයා සැර වුනා වගේම,
" හිතලා නෙවෙයි..ගලක් උඩ අඩිය තිබ්බුනෙ...."
අහිංසක විදිහට එයා දිහා බලපු මං එයාට ගතු කිව්වා....ඒත් එයා මට රැව්වා...හරියට මං හිතලා වැටෙන්න ගියා වගේ....
" හිතලා නෙවෙයි කියලා මං කිව්වානෙ ඉතින් මොකටද රවන්නෙ..?"
" රැව්වෙ නෑ...."
මගෙ දිහා නොබලපු මගෙ මනුස්සයා වෙන පැත්තක ඇස් රදවන් ඕනවට එපාවට එහෙම කිව්වා.....
උද්දච්චකමයි,ලොකුකමයි නම් තියෙනවා...
" මොකද නැත්තෙ ඔයා මට රැව්වා.."
ඉන්නෙ කොහෙද කියලාවත් නොබලා මට එයාව තව ටිකක් අවුස්සන්න ඕනෙ කලා...ඒ නිසා මං එහෙම කිව්වා වෙද්දි එයා මගෙ දිහා බැලුවා...නිකන්ම නෙවේ මූණත් පුලුටු කරගෙන.....
මේ මිනිහා ඉන්නෙ කොහොමත් මගෙත් එක්ක තරහින්......" මම තමුසෙට රැ....."
"ආර්වි...."
මගෙ මෝඩ මිනිහා හෙනම අයියා ලීලාවෙන් මට සැර කරන්න ගියා වෙද්දි...නෑ....එයාට එයාගෙ වචන සම්පූර්ණ කරන්න වුනේ නෑ මං ඉස්සිලා එයාගෙ කම්මුලක් උඩින් හාදුවක් තිබ්බා වගේම එයා දත්මිටි කෑවා..