- 30 -

1.6K 383 182
                                    

" මට බංගලාවට වෙලා ඉදලා එපා වෙලා ශාල්....මට ජොබ් එකක් කරන්න ඕනෙ..."

" ජොබ් එකක්...??"

පෝන් එකෙන් ඇස් රදවගෙන ඉදපු එයා මගෙ දිහා කුතුහලෙන් වගේ බලන් ඉදලා එහෙම අහද්දි,

" ඔව්...ඒත් ජොබ් එකක්මත් නෙවෙයි
ඔයා දන්නවානෙ මං ආස මොනවාටද කියලා......"

මගෙ ඇස් දිලිසුනා....
දිලිසෙන ඇස් වලින් එයා දිහා බලාගෙන උත්තර දීපු මම එයා ළඟට අඩි තිබ්බා...

" ආ..මේක ගැට ගහන්න...."

Kichen island එකේ වාඩි වෙලා ඉදපු එයා ළඟට ගියපු මම මගෙ කරේ දාගෙන උන්න ඒප්‍රන් එකේ පටි ගැට ගහන්න කියලා  එයාට කිව්වා...

"හැරෙන්න..."

මට එයා හැරෙන්න කිව්වා වෙද්දි මං එයාට පිටු පෑවා...සද්ද නොකරම එයා ඒප්‍රන් එකේ පටිගැට ගැහුවා......

" ඔයා ආස දේවල් කරන්න ග්‍රැනී ඉඩ දෙයිද? ඊටත් මං හිතන්නෙ නෑ ආන්ටි  වුනත් කැමති වෙයි කියලා..."

එයා ඒප්‍රන් එකේ පටි ගැට ගහලා ඉවර වුනා වෙද්දි මං ආයේම එයා පැත්තට හැරුනා......

මං ආස දේවල් ගැන මටත් වඩා දන්නෙ එයා වෙද්දි මං ආයේම එයාට ඇඟිල්ලෙන් ඇන ඇන මෙන්න මේ දේයි මට ඕනෙ කියලා කියන්න ඕනෙ වුනේ නෑ....එයා ඒක දැනගෙන උන්නා...ඒත් එයා ග්‍රැනීව වගේම මගෙ මමාව ඇඳලා ගත්තා....ඇත්ත...
එයාලා කීයටවත් කැමති වෙන්නෙ නෑ මම කැෆේ එකක් කරන් යනවාට....

එයා දිහා බලන් ඉදපු මම....

ඇහිල්ලක් බැලිල්ලක් නැතිවම එයාගෙ උකුලෙන් වාඩි වුනා..එක පාරටම වෙච්ච දේත් එක්ක එයා ගැස්සුනයි කියන්න මට තේරුනා ඒත් එයාගෙ කිසි කලබලයක් තිබුනෙ නෑ....එයා සාමකාමී විදිහට මගෙ දිහා බලන් උන්නා..මං එහෙන්ම එයාගෙ කරවටේ අත් යැව්වා....

" එයාලාගෙ කැමැත්ත නෙවෙයි ඔයාගෙ කැමැත්තනෙ ඕනෙ....මොකද මං එයාලගෙ නෙවේනෙ....."

එයාගෙ ඇස් දිහා බලාගෙනම මම කතා කලා...මගෙ හඬෙ කිසි කලබලයක් තිබුනෙ නෑ..මම සාමාන්‍ය විදිහට කතා කලා...ඒත් මගෙ වචන ස්ථිර වුනා.....
එයාගෙ ඇස් බැල්මත් මගෙ මූණ උඩම නතර වෙලා තිබුනා.....ඒ බැල්ම ඕනවටත් වඩා ගැඹුරු වුනා......
ඒත්....

තිත්ත කසාය ( YiZhan )Where stories live. Discover now