chapter 32

449 49 41
                                    

" අඩොව් මොනවා හරි කියපන් බන්......... "

" ................... "

" දැන් අපි කාමරේටවත් එන්න එපාද ..... "

" ....... "

" එහෙනම් යන්නද ඈ.... ඈ..... බේබියෝ...... "

" මොකද වදේ..."

" ආ පන ආවද කටට.. මොකෝ උඹ සයිලන්ට් උනේ..... අපේ කැපා දැකලා ස්පීච්ලස් උනාද "

" ම්ම්ම්.... දෙන්නම දැකලා මන් මේ ස්පීච්ලස් වෙලා තමා ඉන්නේ.... එනවකෝ එනවකෝ ජෝඩුවම කාමරේට "

"........... "

" කුටු කුටු ගාන්න නෙවේ ඇතුළට එන්න. 7.30 ට මැච් එකක් තියේ මට ඒක බලන්නත් ඕන "

සිරි ලංකා පුත්තු වසයි හුහ්......

අම්මේහ් ඉතින් පූස් පැටව් දෙන්නෙක් වගේ කාමරේට ආපු ලස්සන. ඕස්ට්‍රේලියාවේ හමුදාවේ බ්‍රිගේඩියර් කෙනෙකුයි ලුතිනන් කර්නල් කෙනෙකුයි නේද යකූ මේ.... හරිම උදාරයි....

අම්මපා එකපාර කතා කරන්න නෙවේ ඊයේ රෑත් මාත් එක්ක හොදට කියව කියව හිටිය මනුස්සයා දැන් එද්දි අතත් වෙලාගෙන කොන්ඩෙත් අවුල් කරන් මොකාදෝ එකෙක් වගේ එද්දි මන් උඩ යන්නෙ නැද්ද. එකෙක් විතරක් නම් කමක් නෑ දෙන්නම.

එක්කෝ කාත් එක්ක හරි මරාගෙන නැත්තන් වෙන මොකක් හරි.... හරි ඉතින් ජෝඩුවම හමුදාවෙනේ. ඒක හින්දා ඕවා නෝර්මල් තමා... ඒක හින්දා මන් අඩාගෙන දොඩාගෙන වැලපීගෙන නටන්න ගියෙත් නෑ.. එහෙම කරන්නෙත් නෑ. ඒත් යකෝ මේ නිවාඩු පිට ඇවිත් ඉන්න වෙලේ මොන මගුලක් කරන්න ගිහින්ද ජෝඩුව අත් වෙලාගෙන ආවේ.... දැක්කා විතරයි මාව ෆුල් කම්ෆියුස්. ඒක හින්දා දෙන්නා දිහාම බලාගෙන හිටියා සෙමියොන් අයියගේ බෙලෙක් කට ඇරෙනාන් මට ගානක් තිබ්බේ නෑ...

ඒක හින්දා පුරුදු මගේ මරුමුස් ගති ටික එලියට දාලා දෙන්නටම ටිකක් වෙනදා නැති ටෝන් එකකින් කතා කරේ කැප්ටන් නම් මීක් නැතුව එද්දි.  දැන්ම හදලා ගන්න ඕන නැතුව බෑ... නැත්තන් මගේ තත්වෙට හරි නෑනේද රංජනීඊඊඊඊඊ ....  හහ් ඒකට සෙමියොන් අයියා. ඒ කටනම් අනේ මන්දා... ඒ අස්සේ කැප්ටන් එක්ක මොනවදෝ කුටු කුටු ගානවා ඇහෙනවා හෝ ගාලා.

මන් ඉතින් ඒ ඔක්කම ඩෝන්ට් කෙයාර් ගානට දාලා ඉස්සරහට ගිහින් අත් දෙකත් බැදගෙන දෙන්නා දිහා කෙලින් බැලුවේ දැන් මොකක්ද උනේ කියපන් වගේ... ඇයි අනේ එයාලගේ හමුදාවේ කෙහෙල්මල් මට අදාල නෑ... ඒ උනාට ඉතින් අත් වලට මොකෝ උනේ අහන්න මට අයිතියක් තියනවනේ....

hat Trick Donde viven las historias. Descúbrelo ahora