" දැං ඇයි උබ ඔහොම, අපි දෙන්නා උබට මුකුත් කිව්වෙ නෑනෙ බං"
මට වෙන්න දෙයක් නෑ ඔක්කොම වෙලා ඉවරයි .පිස්සු පකා !!! ඩෙස් එකේ ඔලුව තියං හිටියත් මං වැරදිද ."මලිතයා ඌට ඉන්න දියං බං , උදේ ඉදන් මූ මගෙන් මොනවා හරි හංගනවා, එක්කෝ ඌම ඒක කියයි,කොහොමත් මුට වැඩි කල් ඔහොම ඉන්න බෑ ,මං නොදන්නවනෙ මුගෙ හැටි ."
අනෙව් මගෙ කුචි කුචි සොෆ්ට් අයියා....මූ මගෙ එකා , එහෙම වුනා කියලා මුට හැමදේම කියන්න ඕනද...නෑනෙ ...එහෙම ඕන නෑ. මූ කොහොමත් නැට්ට ගිනි අරං දගලයි . සංධීර් පැටියා ඔහොම මුකුත් නොදන්න ගානට ඉන්න එකම හොදයි .
" අද හවස උබලා දෙන්නා ඉන්න එක කොච්චර දෙයක්ද මචං , ආයේ නෑ උබ කලින් ඉදම්ම අපේ එකටනෙ එන්න තිබබෙ....අවුලක් නෑ දැන් හරි මොලේ පාදගෙන උබලා ආපු එකම වටිනවා මචෝ."
මලිතයා කියෝනවා...එහෙං සංධීර් මොනාද ලියනවා...මොකක් මූ මොකද්ද ඒ හවස ඉන්න මගුලක් කියෙව්වෙ...එහෙම මම නොදැනුවත්ව සංධීර්ට තනි මතේට තීරණ ගන්න බෑ...
මං ඩෙස් එකට අත් දෙක ගහලා කෙලින් වුනා" ඒ මොකටද හවස ඉන්නෙ...මන් එහෙම මුකුත් දන්නේ නෑනෙ..."
" ආහ්...උබ නිදං නෙමේද හිටියෙ...ඇයි ඕයි අද මැච් එකනෙ .උබලෑ අයියා කිව්වෙ උබ එනවා කියලා , විකාරනම් නටන්න එපා පුතෝ ටිකට් තුන අරං ඉවරයි ."හරි එච්චරයි මදිවට තිබ්බෙ...සංධීරයා පිස්සු පකා ඌ ඔහොම්මම තමයි. මට පැහැදිලි කරලාවත්දියං බං අයියෙ මම කොයි වෙලාවෙද අද එනවා කියලා කිව්වෙ කියලා.
" උබ ඔහොම බලන්නෙපා දැං ඊයෙ හවස උබ කන් දෙකේ ඇබ ගහං නට නට හිටපු වෙලාවෙ එනවයි කිව්වෙ."
"යකඩෝ ඒ ඉස්කෝලෙ එනවද කියලා නෙමේද බං අයියෙ උබ මගෙං ඇහුවෙ."" ඇයි ඉතිං බං උබ නෑවිත් ඉන්නද අද හැදුවේ ...විකාර නටන්න එපා බං උබලා දෙන්නා අපේ එකට ඇවිල්ලා තවම සතියක් වත් ගියෙ නැති බව ඇත්ත , ඒත් මචං දැං ඔය ඔකෙපතනත්වයෙං අයිං වෙයං දැං උබලා අපේ එවුන්..."
මලිතයාට ඇම්ම , ඇයි ඉතිං මේක
ඉන්ටර්නැෂනල් එකක්නෙ. අමුතු ලයින් තියෙන උන් මෙහෙ උන්නෙ.තවම මලිතයාව විතරයි මටයි අයියටයි සෙට් වුනෙ.
මෙහෙ වැඩිය නීති තිබ්බෙ නෑ .ඒක මගෙ හිතට ඇල්ලුවා...ඇයි බං අවුරුදු එකහමාරක් තිස්සෙ වවාගත්ත කොන්ඩෙ කපන්න ඕන නෑ ....ඒකම ඇති මට සතුටු වෙන්නම.... අපි දෙන්නා ඇවිල්ලා තවම දවස් තුනයි ගෙවුනෙ. මෙහෙ කැන්ටින් එකට මගෙ පිස්සු පකාගෙ හිත ගියා .
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...