දේශ් & අවිනු දෙන්නම මාලිගාවෙ නෙරැඳුන දවසෙ රෑ.........
අවිනුගෙ කුටිය එදා පාලුවට ගිහින්...
හැබැයි එදා රෑ තව එක්කෙනෙක්
හිටියා , තටාකය ගාව බිම ඉඳගෙන ,
එයා මොනවම හරි කල්පනා කරන ගමන්...."වැරදෙනවා නම් වැරදෙන්න තිබ්බෙ මේ දවස විතරමයි....කොතනද වැරදුනේ...කවුද වැරැද්දුවේ ?? ආාහ්!! කවද්ද මේවා විසඳෙන්නෙ..මේ පාරත් වැරදුනොතින් උබයි මමයි දෙන්නගෙම කැපකිරීම් අපරාදෙ දේශ් ."
කලු ලෝගුවා අදත් ඇවිත්....මේ පාර එයා අවිනුගෙ කුටිය ඇතුලෙ.එයා අද දවස ගැන විපරමෙන්...කොතනහරි වැරදීමක් තියෙනවා...අද දවස ඇතුලත තමා ඒ මහා විනාශය ඇරඹෙන්නෙ. ඒක එයාට හොඳටම ස්ථිරයි . මූලාරම්භය වෙන්නෙ අද ,ඒත් එයාට කිසිම විදිහක හෝඩුවාවක් ලැබුනෙ නෑ...මැදියම ගෙවිලා ගිහින් අලුත් දවසත් උදා වුනා.ඉතින් එයා නැගිට්ටා. තව දුරටත් එකම තැන රැඳිලා වැඩක් නෑ, සමහරවිට එයාගෙ අනුමානය වැරදි ඇති. ඒත්......
ක්රීක් !!
අවිනුගෙ කුටියෙ තටාකය ලඟම තිබුන දොරටුව හෙමීට ඇරුනා....කලු ලෝගුවා හිටියෙම තටාකය ගාව ,වෙලාවෙ හැටියට හැන්ගෙන්න තිබ්බෙත් ඇරෙන දොරටුව පිටිපස්සෙම තමයි.කවුද ඒ ?
ඇරත් මේ වෙලාවෙ මෙතන මොකද කරන්නෙ?දොරටුව විවර කරගෙන ඇතුලට ආවේ තවත් කලු පොරව ගත්ත ලෝගු දෙකක්. අන්ධකාරේ ගිලිලා තිබුන කුටිය, ඉදිරියෙන්ම හිටි කෙනා ගාව තිබුන පහනකින් ආලෝකමත් වුනා. ඒ මූන.....
දැකලා පුරුදු මූනක්...දොරටුව පිටිපස්සෙන් හිටිය කලු ලෝගුවා හිඩැස්සෙන් දැක්කේ එයා අපේක්ෂා කරපු ඒ මූනමයි...අනවසරෙන් ඇතුලට ආව අමුත්තො දෙන්නා දැන් දැන් ඇදෙන්න උමං දොර ගාවට....දේශ් අවිනුගෙ කුටියට දැඩි ආරක්ෂාවක් යොදන්න හේතුවත් මේ උමඟ. කොටස් පහකට බෙදිලා තවත් තැන් පහකින් මතු වෙන්න පුලුවන්.ඒත් මොකක්ද අද ආරක්ෂකයන්ට වුනේ , මේ තරම් නොසැලකිලිමත් වෙන්න තරම්. කලු ලෝගුවා ඒ ගැන තරහින්. එයත් අවිනුගෙ කුටියට ඇතුලු වෙච්ච ආගන්තුකයෙක් කියලා නොදැනෙන්න තරම්.
"කොච්චර වෙලාවක් ඉතුරුද ?"
" තව පැයක් දෙකක් වගේ පුලුවන් රැජිනියනි..."
![](https://img.wattpad.com/cover/375096581-288-k443935.jpg)
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...