රාජධානිම අද කලබලෙන් පිරිලා....පාන්දර දෙකේ හෝරාව පහුවුනේ මේ දැන් වුනත් මිනිස්සු හැමෝම කලබලෙන්....සමහරු නගර වීදිය සරසනවා....සමහරු සතුටට නටනවා බෙර ගහනවා.... හැම ගෙදරකම වගේ කැවිලි සුවඳ ඉතිරිලා..... වෙන මොකටවත් නෙවේ...ඒ අධිරාජ්‍යයගේ විවාහ උත්සවය අද නිසා....කොච්චර නපුරු වුනත් දේශ් කියන්නෙ රටවැසියා වෙනුවෙන්ම කැප වුන රජකෙනෙක්......ඒකයි මිනිස්සු තමන්ගෙ රජතුමාගේ විවාහ උත්සවය මේ විදිහට සමරන්නෙ....
එහෙම වුනා කියලා රාජ්‍යයේ ආරක්ෂාව තව උපරිමෙන් වැඩි කරා මිස පොඩිම හරි අනාරක්ෂිත බවක් ඇති නොවෙන්න තිශේන් වගබලාගත්තා....
මේ අතරතුරම නගරවීදියේ පාලු ගබඩාවක වෙනම දෙයක් වෙන ගමන් තිබ්බෙ...කලු ලෝගුවකින් සැරසුන කෙනෙක් තව කෙනෙක්ට වෙන්න ඕන දේවල් කියන ගමන් හිටියේ....
" මට එයාව විශ්වාස නෑ , ඔයාට එයා ගැන ඇහැ ගහන් ඉන්න වෙනවා තිසාක්‍යා....උබලව මන් මරනෙන් ගලවා ගත්තාට හිලව් විදිහට මන් කියනදේ කරපන්.."
"මගෙ මල්ලියි මමයි දෙන්නම ඔයාගෙ අණ පිලිපදිනවා lord....අපි දැනටමත් කාටත් නොපෙනෙන්න Queen ගැන ඇහැගහන් ඉන්නෙ ...."
"කිසිම දෙයක් වැරදෙන්න තියන්න එපා තිසාක්‍යා....ඔයා ඇත්තටම කවුද කියලා මොන විදිහකින්වත් එයාලට දැනගන්න තියන්න එපා....""අනිවාරෙන්ම....lordට පසුතැවෙන්න ඉඩ දෙන්නෙ නෑ මන්...."
"ම්ම්....මම නෑ කියලා දැනගන්න කලින් ආයේ මන් මාලිගාවට යන්න ඕන....ඔයාව විශ්වාසයි මට...."
********
"Queen.....නැගිටින්න...ඔයා දැන් ලෑස්ති වෙන්න ඕන......"
"ම්හු...නිදිමතයි...."
අද මොන වගේ දවසක්ද කියලා දැන දැනත් අවිනුට ඕන වුනේ ඒ හැම දෙයක්ම මඟාරින්න....එයාගෙ හිත දෙපැත්තකට බෙදිලා...එයාට ඕන වුනා දැන්ම ගිහින් දේශ්ව කුදලාගෙන කොහෙ හරි හන්ගගන්න......තව පැනත්තකින් ඕන වුනා දේශ්ගෙ පස්සට එයා අවිනුට ආදරෙයි කියලා කියනකල් ඇති වෙනකල් කෝටුවකින් තලන්න.
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...