"න්...නැහැ....ම්.ම්ට ඕන නෑ....නවත්ත..
අහ්නේඒ.... රිද්..දෙනවනෙ....එපා........ද්දේශ්......""Queen......අනේ නැගිටින්න , අනේ කලබල නැතුව නැගිටින්න. මුකුත් වෙන්නෙ නෑ. ඔයා හොඳින්....."
හිතේ සැනසීම නැති වුනදා ඉදන් නින්දත් මගෙ පරහට හිටියා. මෙහෙට ආව දා ඉදන් ගෙවුන හැම රෑකම මගෙ නින්දත් හොරු අරන් මටත් නොකියා යන්න ගිහින් ......රිදෙනවා....
හිත විතරක්ම නෙමෙයි ඇඟත් එක්කම.මගෙ පුතු පැටියො...ඔයාගෙ අම්මව
ඇහෙනවද මගෙ රත්තරන්ට, මට තාම හිතාගන්න බැහැ මගෙ පැටියො.......
ඇත්තටම ඔයා මගෙ චූටි බන්ඩියේද
ඉන්නෙ.......අනේ මගෙ චූටියා....අම්මාට බලාපොරොත්තුවක් දුන්නට පින් මගෙ පණ....පුතූ... තාත්ති ඔයාටයි මටයි කලින් ගහපුවා රිදුනද පණ.....මම දන්නෙ නෑ ඇයි කියලා ඒත්
ඔයාගෙ තාත්තා මට ගහනකොට මම මුලු ඇඟම හකුලොවගෙන හිටියේ. මගේ ඇඟට කලින්ම දැනුනද මන්දා ඔයා ඇවිත් කියලා.....නේද පැටියො."Queen.......අනේ, ඔහොම ඉන්න කලබල කරන්න එපා. Queen !!!! "
ම්හුක්...... බලන්නකො පැටියො, මට
ඔයා එක්ක පාඩුවේ කතා කරන්නවත් දෙන්නෙ නෑනෙ, කන ගාවම බෙරිහන් දෙනවා. මට පුතූ එක්ක ඉන්න ඕන.මට ඉන්න දීපල්ලකෝ.............."ම්හ්......."
"ඇති යන්නතම්....ඔයා හොඳින්ද Queen."
"මි..මිනාශි!"
"Queen ඔයා හොදින් නේද. කොහොමද හොඳින් වෙන්නෙ මටත් පිස්සුනෙ, ඔයා නින්දෙන් බය වෙලා කෑගැහුව නිසා මම කලබල වුනා."
"ම්..මම...අනේ මිනාශි.....ඔයාව දකින්න ලැබුන එක ලොකු දෙයක්. ඔයාට කියන්න ගොඩක් වැදගත් දෙයක් මට තියෙනවා.""ඒ දේ මම දන්නවා Queen! මම එන්න කලින් King ඔයාට බෙහෙත් කරන ගමන් හිටියේ. මට ඔයා ගාවට ලන් වෙන්න තියා බලන්නවත් දුන්නෙ නෑ...."
"හාාාහ්........"
හිතක් පපුවක් නැති තිරිසනා...මෙව්වට මම කොහෙන්ද හිනා වෙන්න ඕන. එයාම රිද්දවලා එයාම බෙහෙත් කරනවා.මහන්සිය නිසාම මට එවෙලෙ නින්ද යන්න ඇති.
ශිහ්.....ඒ ජරා අත් වලින් ආයේ මාව අල්ලන්න ඇති. තව ගෑනියෙක් ලඟ තියන් මගෙනුත් බලාපොරොත්තු වෙනවා. ලැජ්ජ නැති කම........ඇයි දෙයියනේ මුන් තිරිසන්නු වගේනෙ හැසිරෙන්නේ. මෙව්වට තමා මාව ඇවිලෙන්නෙ.....
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...