*22*

118 16 13
                                    

"ඔය ඉතින්..ඈතට යන්න එපා සුදු මැනික,මට ඒඩ්ස් නෑනෙ ලඟට වරෙන්.."

"Queen පි...පිස්සුද ඔයාට ?  යන්න දෙන්න, King ට ආරන්චි ⁣වුනොත් ?"

"ඒ කියන්නෙ.... kingට  ආරන්චි නොවී අපේ සම්බන්දෙ මේ විදිහට  අරන් ගියොත් ඔයා ආසද මගෙ පැටියො."

 පව් හැබැයි....මේකිට මොලෝ සිහියක් නෑ...ආත භූත වෙලා මන් දිහා
මෙහෙක් කරන් බලන් ඉන්නවා ඒත් ඉතින් නපුරු අයට හිත යනවානෙ,ඒහ්...
මොනවා හිතනවද මන්දා....ටොක්කක් ඇනගෙන මන් මටම මතක් කරගත්තා,මන් දැන් බඩදරු අම්මෙක් බොල .ඒත් කොහෙද මගෙ දඩබ්බර කමට මට ඔව්වා මතක් වෙන්නෙත් නෑ. මගෙ නෙවෙයි මෙව්වා පුතු පැටියගෙ වැරදි වෙන්න බැරිද....
හැබැයි මගේ දරුවා වුනත් ඇත්තමයි පුතේ තාත්තන්ඩි වගේ හැදුනොතින් පුක පුපුරන්ඩ හීනි කෝටුවකින් තලන්නෙ, ඔයා ඒ වගේ නෝටි වෙන්න නරකයි.

අපිට පිටිපස්සෙන් එන අයට වෙන්නෙ මොනවද කියලා නොතේරෙනවා ඇති...ලාවට දැක්කා මිනාශියි තිසාක්‍යායි වෙව්ලනවා...සීතලද...ඒ කියන්නෙ අපේ හුරතල් ආදරේ උන් ටිකව වෙව්ලන තරම් තදට දැනෙනවා  ඇති .චූටි පැටියො අම්මියට ලස්සන ගර්ල් කෙනෙක් හම්බුනා ඒයි...
එක්කෙනෙක් නෙවෙයි තව ආන්ටිලා අන්කල්ලා ගොඩක් ඉන්නවා,ඔක්කොම මගේ..කොහොමත් ඇතුලු මාලිගාවෙ ඉන්න කොල්ලො කෙල්ලො ඔක්කොම මගේනෙ, උන් මගෙ දේපල....

"කැහ්ම්...අධිරැජින අපි දැන් ඇවිල්ලා ඉන්නෙ.උපරැජිනව එයාගෙ අසුනට යවන්න.දැනටමත් වෙලා ගිහින්."

ඇතුලු මාලිගේ පුරාවට ඉන්න කොල්ලො කෙල්ලෙ දිහා බලන් මනෝ පාරක හිටිය මම ආය හරි සිහියට ආවා.

ඇත්තමයි මේ නැන්දමටත් පුදුම කැකුමක් තියෙන්නෙ.ඇයි බන්......
ආස්සරේ කරන්න හොයාගත්ත කෙල්ල එක්ක ඉන්න දෙන්නෙ නෑනෙ.
ඊරිසියයිද මන්දා...එයා නාකි වුනාට මම පලිද...අපේ මෝදු වීගෙන එන ලව් එකට
කෙලවනවනෙ මෙයා..

"ආහ්...හරි හරි, කෝ මගෙ රෝස පැටික්කි දැන් ගිහින් වාඩිවෙන්නකො.
මන් ආයෙම ඔයා ගාවට එන්නම් හරිද.."

ඈ...හරි කෙලියක් වුනානෙ මේක....
අපරාදෙ මගෙ නාස්ති වුන වචන ඩිංග,
මෙන්න බලපන් මේකි මට රවලා ගස්සගෙන ගිය හැටි...නෙදකින් ඊට වඩා හොඳට මන් ගස්සනවා බොල...හිතන් ඇති හරි ලස්සනයි කියලා, මේකි ගස්සදි  කකුලෙන් රුවිතෙට ගස්සන්නෙ තනිකර  අන්ඩ කැඩිච්ච කක්කුට්ටා වගේ....ඒකට මන්...කෙලින්ම ගස්සන්නෙ මගෙ ex ආසම මගෙ වටකුරු 🍑 අඹරවලා.

ආගමනWhere stories live. Discover now