(දේශ්ගෙ රාජධානියෙන් එපිට තියෙන වෙනත් රාජ්‍යයක........)
"එහෙ මොකද දැන් වෙන්නේ....මට කීයටවත් අවිනුව නැති කරගන්න බෑ""හෙට එයා කසාද බඳිනවා .මුලු රාජ්යයෙම ආරක්ෂාව වැඩි කරලා තියෙන්නෙ. අපිට ඉවසන්න වෙනවා . "
"ඉවසන්න !!! ඔයාගෙ පුතා නොහිටින්න මේ හැමදේම අද හොඳින් විසදිලා . එදා රෑ මට අවිනුව මගේම කරගන්න තිබ්බ අවස්ථාව මගෙන් එයා උදුරගත්තා."
"මගෙ පුතාට බනින එක නවත්තපන් .....
එදා මම කියපු විදිහට අවිනුව සිහිනැති කරලා එක්කන් ආවා නම් මේ මුකුත් නෑ.
ඒත් තමුසෙට ඒ ඇඟ දැක්කහම ඉවසුම් නැති වුනා . උබගෙ වැරැද්ද වෙන එවුන්ගෙ පිට පටවන්න එපා.""ආර්හ්හ්........එයාව දැක්කම හැමදේම
අමතක වෙනවා මට. එයාව කොහොම හරි මට ඕනමයි.....දේශ් ගැන මට පුදුම විදිහට ඊරිසියයි ,අවිනු මට අයිති කෙනෙක් මිසක් දේශ්ගෙ නෙමේ...""තව පොඩි කාලයයි.....ඔයාට අනිවාර්යයෙන් එයාව ලැබෙයි. මට තාම හිතාගන්න බෑ අවිනු දේශ් ගැන සම්පූර්ණයෙන්ම දැනගෙනත් මුකුත් නොකරපු එක...."
"අවිනුව කසාද බැඳපු ගමන් උගෙ බලේ තව වැඩිවෙනවා....තව මාසයකින් අවිනුව මන් ලඟට ගන්න එක අවදානම් වැඩියි....ඒත් කීයටවත් මන් අවිනුව අතාරින්නෙ නෑ... අරූ පිස්සෙක්......ලඟ තියෙන මැණිකට පයින් ගහලා කරගන්නෙ ලොකු වරදක් ....... අවිනු ගැන දන්නෙ නෑ වගේනෙ ඒකා තාශි එක්ක පැටලෙන්නෙ.....මගෙ පොඩි එකාව මන් හොඳට දන්නවා.....මගෙ අවිනු කැමැත්තෙන්ම මන් ගාවට එයි"
"අවිනුට මම කලින්ම කිව්වා මගෙ මල්ලිව බඳිමු කියලා.... වෙලාවකට එයත් හරි මෝඩයි....දැන් පසුතැවෙනවා ඇති මන් කියපු දේ ඇහුවෙ නැති එකට...
ඒත් දැන් ඔයා නිසා නෙමේද දේශ් එකපාර දෙන්නෙක්ව කසාද බඳින්න හදන්නෙ .""හාා හාා .......ඔයා විහිලු කරනවද. ඒ හැමදේම ඔයාගෙ සැලසුමක් නේද......"
"දේශ් ඇත්තටම එයා ගැන පිස්සුවෙන් ඉන්නෙ...අපිට ඕන විදිහට ඒකි ඉඳීවි....
ඒත් ඒකි මාත් එක්ක පැටලෙන්නමයි එන්නෙ....අවිනුට අගරැජින වෙන්න දෙන එක ගැන එයා තරහෙන් ....ඇත්තමයි කොයි වෙලාවෙ හරි ඒකි මගෙන් මැරුම් කනවා...."
YOU ARE READING
ආගමන
Non-Fiction" වෙන විකල්පයක් නෑ , ඔයාට තෝරගන්න වෙනවා, ම්ම්.... ඔයාට පවුලෙ අයව නැති කරගෙන මැරෙන්න බෑ කියලා දන්නවා , ඉතිං මගෙ අවිනු මැණික.... කියන්න බලන්න උබ තෝරගන්නෙ මොකද්ද කියලා." [දේශ්] " ඔව් මං අසරණයි .තමුසෙම නෙමේද මාව මේ තැනට ඇදන් වැට්ටුවෙ.තමුසෙට ඕන දේ ලැබ...