*04*

53 7 45
                                    

හිත කියන්නෙත් එක වෙලාවකට කුණාටුවකට අහු වුන මුහුදක් වගේ. කුණාටුවකට අහු වුන මුහුද හරි දරුණුයි , පාලනයක් ඇත්තෙම නැති තරම්.......

හිතේ බර අඩු නොවුන තැන නින්ද මාව අතඇරල දාලා පෑලදොරින් යන්නම ගිහින්. අම්මා!!! ඒ වචනෙට අරුතක් තියෙනවා. දරුවෙක් වැදුව පලියට හැමෝම අම්මලා වෙන්නෙ නෑ , පිලිගන්නවා මන් ඔයාගෙම දරුවෙක් නෙවෙයි කියලා ඒත් ඔයාටම කියලා මන් දුන්නෙ මටවත් දරන්න බැරි ආදරයක් මයෙ අම්මෙ. මට තාම හිතාගන්නවත් බෑ ඔයා මාව පාවිච්චි කෙරුවා කියලා. ඒක රැවටීමක් කියලා කියන්න බැරි තරම් තාත්විකයි. මොකද මන් ඒ ආදරේට සංධීර් එක්ක ලෝබකම් ඇල්ලුවා , රණ්ඩු කරා.....

මීට ටික වෙලාවකින් තාත්තා සංධීර් එක්ක ඇවිත් ගියත් , මට එයාලා එක්ක කතා කරන්න ඕන වුනේ නෑ. ඔය දෙන්නා මට වරදක් කලේ නෑ කියලා දන්නව ඒත් මේ දේවල් පිලිගන්න මට ඕන වුනේ නෑ.... තාත්තා කියපු දේවල් එක්ක සමහරදාට රෑට රෑට මට හීනෙන් පෙනුන දේවල් වලට ඇත්තටම තේරුමක් තියෙනවා කියලා මට අද ඒත්තු ගැන්නුනා.
ඇදේ පැත්තක මන් ගාවම තිබුන මගෙ උරුමෙන් එක්තරා කොටස් කීපයක් පෙට්ටගමක් අස්සෙ අගුල් දාලා. යතුරත් එක්කම තාත්තා මට ඒක බාර දුන්නෙ , මගෙ අයිතිකාරයා හෙට උදේ මාව අරන් යන්න එනවා කියලා ආමාරුවෙන් වචන ගැටගහගෙන කියන ගමන්.
මන් අනාතයෙක්නෙ ඉතින් කොහෙ කියලා යන්නද , අනික කවුද මන් වෙනුවෙන් ඇත්තටම ඉන්නෙ. මට ඉස්සර වගේ තව ටික කාලයක් ඔයාලා එක්ක මෙහෙ ඉන්න බැරිද කියලා ඔයාලගෙන් අහන්න බෑ .... අනේ ඒත් මම මනුස්සයෙක් ! ඇයි මටම කියලා කෙනෙක් නැති තැනට මාව ඇදලා දැම්මේ.මාව මටවත් අයිති නැද්ද .මෙහෙම ජීවත් වෙන්න ඇයි මන් ඉපදුනේ,මැරිලවත් යනවා නම් සැනසීමක් මට.

දඩාාස් ......

" ක්...කවුද ඔතන."
අන්දකාරේක ගිලුන කාමරේ බැල්කනිය ගාවින් මොකක් හරි ඇදන් වැටෙන සද්දෙත් එක්ක මාව එකසිය ගානට ගැහෙන්න ගත්තා. මට යන්න බෑ ...දැන්ම යන්න ඕන නෑ , අනේ මට පාඩුවේ ඉන්න දෙන්න.... එහෙන්ම බිමට බැහලා දොර ලඟට දුවන්න අඩිය තිබ්බත් පිටිපස්සෙන් ආපු කෙනා මගෙ අත මිරිකෙන්නම ඇදලා අරන් ඇඳට අතඇරියා.
ආපු එකාගෙන් බේරෙන්න මම නොකල දෙයක් නෑ,ඇඟ උඩට ආපු එකාට පයින් ගැහුවා ඒකා එක්ක පොර බැන්දා........ඒත් මාව හිරවෙලා ගියා හරියට නිකන් ඇඟ ගල්වුනා වගේ.

ආගමනWhere stories live. Discover now