වේලාව රාත්‍රී හත පහු වූවා පමණි. රක්ෂිත් තම යතුරුපැදිය පැදවූයේ හේමමාලිනි එවා තිබූ ලිපිනය සොයායි. එය නිවාස සංකීර්ණයක් විය. විසල් ගොඩනැගිල්ල ඉදිරිපිට තම යතුරුපැදිය නතර කළ රක්ෂිත්, කේක් පෙට්ටිය ද ප්‍රවේසමට අතට ගෙන ගොඩනැගිල්ලේ මුරකරු වෙතට ගියේය.
“මේ.. ඇඩ්‍රස් එක..” ඔහු තම දුරකතනය දක්වමින් නැවත වතාවක් ගොඩනැගිල්ල වෙතට බැල්මක් හෙළූවේය.
“ආ.. හේමමාලිනි මැඩම්ගේ ගෙදරනේ.. මේ මහත්තයා මොකටද?” මුරකරු විමසුවේ තරමක් සැකයෙන් මෙනි.
“මේ.. ඩිලිවරි එකක් දෙන්න. ඇයි?” රක්ෂිත් විමසුවේ දෙනෙත් සිහින් කරගෙනය. ඈ තමාට කේක් අවැසි බව පැවසූවේ බොරුවටදැයි මොහොතකට ඔහුව දැනුනේ සැකයකි. ඈ එවන් තරුණියකි. රක්ෂිත් සිතුවේ එලෙසයි.
“නෑ.. මේ.. ඒ මැඩම්ගේ ගෙදරට කවුරුත් ලේසියෙන් එන්නේ නෑ ඒකයි.. හත්වෙනි ෆ්ලෝ එකට යන්න” මුරකරුගේ උපදෙසින් රක්ෂිත් පැමිණියේ විදුලි සෝපානය වෙතටයි. අලු පැහැති ගොඩනැගිල්ල පුරාවටම තිබුණේ අතිශයින්ම ගුප්ත බවකි. ඇය වන් ගුප්ත තරුණියකට මෙය කියාපු නවාතැනක් බව රක්ෂිත් හට සිතුනි.
අවසන ඇයගේ නිවස ඉදිරියේ ඔහු නැවතුනේය. සුසුමක් හෙළූ රක්ෂිත් සිහින් තට්ටුවක් දැමුවේ ඇය සාදයක් දමනවා කිව් බව සිහිවීයි. නමුත් ඇයගේ නිවසට කිසිවෙකුත් පැමිණෙන්නේ නැති නම් සාදය කා සමඟද? රක්ෂිත්ගේ සිතට නැගුනේ ක්ෂණික පැනයකි. “එක්කෝ… ගෙදර නෙවේද දන්නෑ පාටි එක තියෙන්නේ කේක් එක ගෙදරට ගේන්න කිව්වේ වැරදිලා ද?” එක්වරම එලෙස සිතුනෙන් රක්ෂිත් තම දුරකතනය ගෙන ‘Yassani’ ලෙසින් ඇතුළත් කර තිබූ දුරකතන අංකය අංකනය කළේය.
මොහොතක් ගත වූවෙන් එය නාද වද්දී, නවතම ඉංග්‍රීසී ගීයක නාදයක් නිවස ඇතුළතින් ඇසුනෙන් ඒ හේමමාලිනිගේ දුරකතනය වන්නට ඇතැයි රක්ෂිත් අනුමාන කළේය. එනිසයි ඔහු එම දුරකතන ඇමතුමට පිළිතුරු ලැබෙන තෙක් ඉවසා බලා සිටියේ. නමුත් දිගින් දිගටම නාද වූ දුරකතනය විසන්ධිව ගියෙන්, රක්ෂිත් නැවත වතාවක් ඇමතුමක් ලබාගත්තේ ඇයටමයි.
“හෙ..ල්ලෝ…”
මොහොතක් ගතවුණු තැන අනෙක්පසින් පිළිතුරු ලැබුණත්, එය අතිශය දුර්වල හඬක් විය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN