Hema's POV

93 4 0
                                    

ඔයායි, මමයි කියන්නේ වෙන් කරන්න බැරි දෙන්නෙක් කියලා මම හිතුවේ දෙව්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔයායි, මමයි කියන්නේ වෙන් කරන්න බැරි දෙන්නෙක් කියලා මම හිතුවේ දෙව්.

මගේ මුළු ජීවිත කාලෙම ඔයා එක්කයි ගත කරන්නේ කියලා මම තීරණය කළා, එකමත් එක දවසක ඔයා එක්ක ආදරයෙන් ඉද්දී.

ඒ නිසා වෙන්නැති ඔයා එක්ක හැම සීමාවක්ම බිඳින්න මම දෙපාරක් නොහිතුවේ.

ඒ නිසා වෙන්නැති එකම එකවතාවක්වත් ඔයාව සැක කරන්නේ නැතුව ඔයාවම විශ්වාස කළේ.

ඒත් දෙව්..,
අන්තිමේ මේ ලෝකේ මම අහලා තියෙන අනික් හැම පිරිමි වගේම, ඔයාත් මාව රැවැට්ටුවා.

මේ ඔයා...
මම මගේ මුළු හදවතින්ම මේ මුළු ලෝකෙන්ම විශ්වාස කරපු එකම මනුස්සයා වුණ ඔයා...

ඉතිං දෙව්..,
ඔයා හිතන්නේ මම සාම්ප්‍රදායික කෙල්ලෙක් වෙලා කඳුළු බොයි කියලා නම්, ඔයාට වැරදිලා my darling!

මම පලිගන්නවා!!
මට කියපු බොරුවලට,
මාව රවට්ටපු තරමට,
ඒ අකුරින් අකුරට මම පලිගන්නවා!!

මම!
හේමමාලිනි ඉටිගහමුල,
ඔයා රවට්ටපු හේමමාලිනි, දෙව්.
මම ඔයාට වඩා හොඳට ජීවත්වෙලා පෙන්නනවා.
ඔයාට වඩා සතුටින් ජීවත්වෙලා පෙන්නනවා!

මම පලිගන්නවා ඔයාගෙන්!

කවදාවත් ඔයාට මගේ කඳුළක් නම් දකින්න බැරිවෙයි දෙව්!
මොකද මම කවදාවත් ඔයා ඉස්සරහා කඳුළක් හලන්නේ නෑ!

ඔයා මැරි කරන්න කලින්, මම මැරි කරනවා!
කොහොමහරි!

ඊටපස්සේ ඔයාට පේන්නම මගේ හස්බන්ඩ්ගේ අතේ එල්ලිලා සතුටින් ගියේ නැත්නම්, මගේ නම හේමමාලිනි ඉටිගහමුල නෙවෙයි!

ලෑස්තිවෙලා ඉන්නවා දෙව්දාර්!

_ හේමමාලිනි ඉටිගහමුල _

*=*=*=*=*=*=*=*=*=*=*=*=*

ආදරේ ද?
දැන්ම කියන්න, ආදරේ නම්.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now