48

109 10 4
                                    

***Short Epi***

දෙව්දාර් තම ඔරලෝසුවෙන් වේලාව පරීක්ෂා කරමින් වේගයෙන් කාර්‍යාලය මැදින් දිවගියේ, වැඩ රාජකාරී කරමින් වූ කාර්‍යමණ්ඩලය ද පුදුමයට පත් කරවමිනි. ඔහුටම ආවේණික ආඩම්බරකාර 'ස්ටයිල්' ගමනකින් කාර්‍යාලයේ කොරිඩෝවෙහි ඇවිඳයන දෙව්දාර්, අද කෙදිනකවත් නොමැති අන්දමින් මැරතන් එකක් දුවමින් සිටින්නේය.

"දෙයියනේ... දෙව් මාව මරයි!!! කවුද හිතුවේ මෙච්චර වෙලා පරක්කු වෙයි කියලා දෙයියනේ..." දෙව්දාර් තම රථයෙහි රියදුරු අසුන වෙතට පැන්නේය. ඉන්පසුව විදුලි වේගයෙන් රථය පදවාගෙන ගියේ, නිරතුරුවම මහා මාර්ගයේ ඔහුට විරුද්ධව අනෙක් වාහනවලින් නැගුණු නලා හඩ මෙන් ම රියදුරන්ගෙන් ඇසුණු නොසරුප් වදන් ද ගණනකට නොගෙනයි.

මේ අතර දෙව්දාරා ප්‍රධාන වේදිකාවේ පහළින් කොනකට වී දරුවන්ට නැටුම් අඩි මතක් කරන්නට වූයේ කුඩා දරුවන්ට විටින් විට අඩි අමතක ව දෙව්දාරා දෙස බලන්නට වූ නිසාවෙනි. ඉතිං දෙව්දාරාගේ ආසාවට අනුවම ශාලාව අතිශයින්ම අලංකාරව කඩදාසි මල්වලින් හැඩ වී තිබුණේ දරුවන් නම් ඊට අතිශයින්ම ප්‍රිය කරද්දී.

නමුත් අද දින නම් දෙව්දාරාගේ කුසෙහි වේදනාව අතිශයින්ම තදින් දැනෙන්නට විය. හොඳින් බැලූ අයෙක්ට නම් ඇයගේ ගතම සුදුමැලිව ඇති බව දක්නට ලැබෙනු ඇත. නමුත් ඇය දෙස හොඳින් බලන්නෙක් නොවීය. දෙව්දාරා සහ අනෙක් ගුරුවරිය පබෝධාත්, අත් උදව්වට සිටී දිස්නාත් පමණක් වූ නසරියෙහි මේ වනවිට දෙව්දාරාත් දිස්නාත් පමණයි දරුවන් ව බලාගැනීමට සිටියේ. ඒ පබෝධා ගර්භනියක වූ බැවිනි. විවිධ ප්‍රසංගය සඳහාම දරුවන්ගේ නර්ථන භාර ගුරුවරිය ද දිස්නා සමඟ වේදිකාවේ ඇතුළු වැඩකටයුතු බලා ගැනීම භාරගත්තාය. නර්තන ගුරුවරිය වේදිකාව ඇතුළේ සිට ඊළඟ නර්ථන සහ නාට්‍ය අංගයන් සඳහා සිටී දරුවන්ව අවසන් වතාවට පුහුණු කළාය. ඉතිං දෙව්දාරා වේදිකාව ඉදිරියෙහි රාජකාරිය බාරගත්තාය. ඒ දෙව්දාරා දරුවන්ට ඉතා සමීප බැවින්, දරුවන් නර්ථනයේ යෙදෙද්දී ඔවුන්ට දෙව්දාරාව දැකීම ඔවුන්ව සන්සුන් කරාවි යැයි සිතූ නිසාවෙනි.

ඉතිං සැබැවින්ම දෙව්දාරා හට අවධානය ලබාදීමට කිසිවෙක් නොවීය.

දෙව්දාර් ශාලාවෙහි පිටුපස දොරටුවෙන් ශාලාව තුළට ඇතුළු වූයේ මේ අතරයි. ශාලාව පිරෙන්නට ම සෙනඟ සිටී අතර, පසුපස අසුන්වල සිටියවුන් අසුන්වල නැගිටගෙන තම දරුවන්ව වීඩියෝගත කරමින් සිටියෝය. දෙව්දාර් ඔවුන් අතරින් ඉදිරියට ඇවිදගෙන ආවේ ඇයව සොයායි. ඉතිං නිසැකයෙන්ම ඇයට තම උදව් අවශ්‍ය ය.

ඉදිරියට ඇවිදගෙන යන අතරම දෙව්දාර් ශාලාවේ ඉදිරියට තම දෙනෙත් විහිදුව බැවින් ඔහුට දැකගන්නට හැකිවූවා, ශාලාවේ ඉදිරිපසට ව දරුවන්ට සහය දක්වන දෙව්දාරාව. දෙව්දාර්ගේ මුවෙහි ඇතිවූයේ සිහින් සිනාවකි. නමුත් එක්වරම ඔහුගේ දෙනෙත්වලට හසුවූයේ දෙව්දාරා සිටගෙන සිටී ඉරියව්වේහි අපහසුවකි.

"දෙව්...?"

ඔහු වේගයෙන් ඉදිරියට ඇවිදගෙන ගියේ නපුරක් අත ළඟ බව දැනෙද්දීයි.

"ප්ලීස්..., පොඩ්ඩක් ඉඩ දෙනවද?"

"එහාට වෙනවා..."

"මිස්, පොඩ්ඩක් ඉඩ දෙන්න..."

"සොරි..."

"සොරි..., පොඩ්ඩක් ඉඩ..."

දෙව්දාර් මිනිසුන්ගෙන් සමාව ගනිමින් විටෙක ඔවුන්ව තල්ලු කරමින් ඉදිරියට ඇවිදගෙන ගියේය.

කෙතරම් වේගයෙන් ඔහු මිනිසුන් අතරින් ඉදිරියට දිව ගියත්, එක්වරම දෙව්දාරා බිමට කඩාගෙන හැලුණේ ඔහුගේ දෑස් ඉදිරියේමයි.

මතුවට . . .

❤______❤

Copyright © 2024 by Apsara Kumarasinghe
['ආදරේ ද?' කතාවේ සියලුම අයිතිය කර්තෘ වන අප්සරා කුමාරසිංහ, එනම් මා සතු වේ. කතාවේ කිසිදු කොටසක්, කිසිදු අයුරකින් පිටපත් කිරීම සපුරා තහනම්!]

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now