දෙව්දාරා උදෑසනම නැගිට ගත්තේ නාන කාමරය තුළට යාමට ය. හදිස්සියෙන්ම නාන කාමරය දෙසට ඇවිදගෙන යන්නට හැදුවත්, එක්වරම ඇය එසවී ගියේ ඔහුගේ දෙඅත් මතටය.
"අනේ...... දෙව් අයියේ.... බිමින් තියන්නකෝ... මට වොෂෲම් යන්න ඕනේ හදිස්සීයි.... අනේ........." දෙව්දාරා කෑ ගසන්නට ගත්තත් දෙව්දාර් නම් ඇයව බිමින් තැබුවේ නැත.
"අනේ.... බිමින් තියන්නකෝ අනේ.. මට දැන් හොඳයි... දැන් මාසයක් ම ගියානේ.... අනේ......" දෙව්දාරා කෑ ගසා ඔහුට පහර දෙන්නට වූයේ තවත් වැසිකිලි නොයා සිටියහොත් ඇඟෙම යන බව දැනුන නිසාවෙනි.
"කමක් නෑ ඕයි... හොඳ වුණා කියලා පොඩ්ඩක් උස්සගත්තට මොනා වෙනවද?" ඔහුට නම් ගාණක්ම නැත.
"අනේ... උස්සගන්න වෙන වෙලාවක.. දැන් මට ටොයිලට් යන්න ඕනේ... බිමින් තියන්න අනේ.. විකාර නොකර" දෙව්දාරා කෑ ගසා දෙව්දාර්ට පහරක් ගැසුවෙන් ඔහු ඉක්මනින්ම ඇයව බිමින් තැබුවේත් දෙව්දාරා නානකාමරයට දිව ගියේත් එකටමය. මේ වනවිට ඔවුන් දෙදෙනා ඔවුන්ගේ උඩු මහළෙහි වූ සුපුරුදු කුටියෙහි විසූහ. දෙව්දාර් තනිව ම සිනාසුණේ දැන් දැන් ඔහුට සෑදී තිබෙන අලුත්ම පිස්සුව නිසාවෙනි.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
රක්ෂිත් සිටියේ බේකරි කාමරය තුළට වී යි. අද දින නම් ඔහුගේ මනස එක තැනක නැත. ඉතිං මනස සන්සුන් කර ගැනීම සඳහා ඔහු තම දුරකතනය ගෙන කන් බණුවත් ගසාගෙන ගීයක් වාදනය කරන්නට වූවේය.
🎶 කුවේණියේ මා, කුවේණියේ මම
තම්මැන්නා එනවා
රූබරියේ මා, රූබරියේ මම
ආලේ සොයා එනවා 🎶රිද්ම වීරවර්ධනගේ මියුරු හඬින් ගීතය වාදනය වද්දීම, බේකරි කාමරයෙහි දොරටුව තුළින් පැමිණියේ ඔහු බලාපොරොත්තු වූ රුවමය. රතු පැහැති කමිසයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිටී හේමමාලිනිය සිනාසෙමින්ම ඔහු අසලට පැමිණියාය. රක්ෂිත්ගේ මුවට නැගුනේ සිනාවකි. ඉතිං දැන් දැන් තමා ඇයගේ සිහියෙන් ඉන්නා නිසාම ද මන්දා ඇයව මැවී පෙනෙන්නට ද අරගෙනය.
නමුත් එක්වරම පැමිණී යුවතිය ඔහුගේ දෙනෙත් අද්දට ම අසුරු සන් නාද කිහිපයක්ම සිදු කළෙන් රක්ෂිත් පියවි සිහියට පැමිණියේය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN