“කෝ තමුසෙගේ කොල්ලා? තාම නෑනේ...” දෙව්දාර් විමසුවේ තමා අසලින්ම අසුන්ගෙන සිටී දෙව්දාරාගෙන් සමච්චල් හඬකිනි. දුල්ශාන්ගේ අවවාදයෙන් සතියකට පමණ පසුව ඔවුන් දෙදෙනාම තම ආදරවන්තයන් හට අවන්හලකට ආරාධනා කර සිටියේ සිදුවූ සියල්ලම පහදා මින් ගැලවෙන ආකාරයක් පිළිබඳව ඔවුන් දෙදෙනාගේ අදහස් දැනගැනීම උදෙසාය.
එළිමහන් අවන්හලක් වූ එය අතිශයින්ම මනරම් විය.
තද නිල් සහ සුදු කොටු කොටු කමිසයකින් සැරසී සිටී දෙව්දාර්, අව් කන්නාඩි යුවලක් ද පැළඳ සිටියේය. හිරු රශ්මියේ රක්ත වර්ණයෙන් ඔහු අන් කවරදාකටත් වඩා කඩවසම්ව දිස් වූ බව නම් කිව යුතුමය. සමහරවිට අවන්හලේ සිටී යුවතියන්ගේ නෙත් ඔවුන්ටත් හොරා ඔහු වෙතට ආවේ එනිසාම වන්නට ඇති.
දෙව්දාරා නම් දෙපාතෙක්ම දිගු රෝස සහ සුදු මුසුවුණ ගවුමක් හැඳ කොන්ඩය ගොතා සිටියේ, ඇයට පුරුදු ලෙසටය. ඒ රෝස පැහැති ගවුමෙහි වූ අමුතුම ලස්සන නිසාවෙන් ඇය වෙනිදාටත් වැඩියෙන් අහිංසකව පෙනුනාද මන්දා. කෙසේනමුත් දෙව්දාර්ගේ සමච්චල් වදන් ඉවසා දරාගෙනම ඈ දුරකතනයෙහි තිරය මත ඇඟිලිතුඩු කාර්යබහුල කර වේගයෙන් කියෙව්වේ ඒ සමඟම දුරකතනයට ලැබුණු පණිවිඩයයි.
“එයා තාම එන ගමන්. කොහොමත් ඉතිං ඔයාගේ ගර්ල්ෆ්රෙන්ඩ්නුත් තාම ආවේ නෑනේ” දෙව්දාර් හට රැවූ දෙව්දාරා තම ජංගම දුරකතනයෙන් පණිවිඩයක් කෙටුවේ තම පෙම්වතා හටයි.
“ඔන්න මුලින්ම එන කෙනා තමයි දිනුම් හොඳේ!” දෙව්දාර් ද තම දුරකතනය ඇදගත්තේ එලෙස පවසමිනි. මෙතරම් බරපතල අවස්ථාවකදී වුවද දෙව්දාරා සමඟ තරඟ කිරීම, රණ්ඩු කිරීම ඔහුට අමතක කළ නොහැක. එය ඔහුගේ දිවිය හා බද්ධ ව පවතී.
‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*‧˚₊*̥♡‧˚₊*̥‧˚₊*̥♡‧˚₊*
ඒ උදෑසන කෙතරම් වැඩ රාජකාරී තිබුණත් හේමමාලිනි ඉටිගහමුල සියලු රාජකාරී පසෙක හෙළා ලා සැරසුනේ තම පෙම්වතාව මුණගැසීමට යාමටයි. ඒ ඔහු අතිශයින්ම වැදගත් කාරණාවක් පිළිබඳව අදම සාකච්ඡා කළ යුතු බව පැවසුව නිසාවෙනි. වයස අවුරුදු විසිහය වූ හේමමාලිනි වෘත්තියෙන් මාධ්‍යවේදිනියක් විය. ‘The Watcher’ නම් වූ අපරාධ වාර්ථාකරණය වෙනුවෙන්ම වෙන්ව තිබූ සඟරාවේ ප්‍රධාන පෙළේ වාර්ථාකාරියක වූ හේමමාලිනි තරමක් දැඩි ගති පැවතුම්වලින් සපිරි තරුණියක් විය.
YOU ARE READING
Adare da? | ආදරේ ද? (Ongoing)
Romanceදැන්ම කියන්න, ආදරේ නම්. Start : [2024|06|01] Cover designed by @JINius_MooN