Devaara's POV

105 7 0
                                    

සිද්ධවුණ දේවල්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


සිද්ධවුණ දේවල්....
ඒ දේවල් මගේ වැරැද්දෙන් වුණා ඇත්තේ අහස්...

මම දන්නවා මම කොච්චර නොසැලකිලිමත් ද කියලා...
මම දන්නවා... සමහරවිට මේ ප්‍රශ්න පත්තරේ අපි හතරදෙනාවම පැටලුවේ මම වෙන්නැති...

ඒත්....
ඒත්, එකම එකවතාවක් මම ඔයාට දෙයක් කියන්නද?
මම කවදාවත් ඔයාට වරදක් කරන්න හිතුවේ නෑ අහස්.

මම ඔයාට ගොඩක් ආදරේ කළා... මේ දැනුත් ආදරේ කරනවා...

ඒත්.., ඔයාව හිතේ තියාගෙන මට දෙව් අයියාව මැරි කරන්න වෙලා...

මේ හැමදේම එදා රෑ මම නොසැලකිලිමත් වුණ නිසා නේද කියලා මතක්වෙද්දී මට මාත් එක්කම තරහයි අහස්...

ඒත්.., දෙව් අයියත් වැරදියි හරිද? එයා උඩ බලන් ආවට මට කරන්න දෙයක් නෑනේ...

ඒ මොනාවුණත්..,
මට තවම සිද්ධවුණ දේ විශ්වාස කරන්න අමාරුයි අහස්.
මම ජීවත්වෙන්නේ තවමත් ඔයා මගේ කියන හීන ලෝකේ කියලා මට හිතෙනවා.

මට තවමත් ඒ ලෝකෙන් එලියට එන්න අමාරුයි.

ඒත්.., ඔයත් දන්නවා.., මාත් දන්නවා...

අපි තවදුරටත් අපේ නෙවෙයි කියලා...

මට කෑ ගහලා අඬන්න ඕනේ අහස්...

මට අඬන්න ඕනේ...

මේ වේදනාවෙන් නැත්නම් මාව පිච්චෙයි...

මම කොච්චර වේදනාවකින් ද ඉන්නේ කියලා අහන්න කාටවත්ම ඕනේ නැහැ...

මට ඔයාව මතක්වෙනවා අහස්...

ඔයා පුදුම මනුස්සයෙක්... මේ තරම් දෙයක් වුණාටත් පස්සේ මට වචනයකින්වත් බනින්නේ නැතුව හැමදේම ඉස්සර කරුණාවෙන්ම පහදලා දෙන්නේ කොහොමද ඔයා?

ඒත් තවදුරටත් ඔයා මගේ නෙවෙයි..

මං වෙන කෙනෙක්ට අයිතිවෙන්න කලින්,
ඔයා වෙන කෙනෙක්ට අයිතිවෙලා අහස්.

ඔයා වෙන කෙනෙක්ගේ වෙලා.

එයා ඔයාගේ අතේ එල්ලිලා ඇවිල්ලා, "මේ ඉන්නේ මගේ husband" කියලා කියද්දී මට නොසෑහෙන්න රිදුනා අහස්... ඒකයි මම එච්චර ඇඬුවේ..

ඒත් තවදුරටත් ඔයා මගේ නෙවෙයි අහස්.
මමත් ඔයාගේ නෙවෙයි.

_ දෙව්දාරා දේවාංශි _

*=*=*=*=*=*=*=*=*=*=*=*=*

ආදරේ ද?
දැන්ම කියන්න, ආදරේ නම්.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now