37

137 8 2
                                    

උදෑසනම දෙව්දාරාව නර්සරිය වෙත ඇරලවීම තම රාජකාරිය කරගත් දෙව්දාර් රථය ධාවනය කළේ ඔහු හොඳින්ම දන්නා මාවත ඔස්සේය. විටින් විට තමාට අනෙක්පස අසුනෙ අසුන්ගෙන නිහඬවම සිටිනා ඇය වෙතට ඔහුගේ දෙනෙත් ගියත්, ඇය නම් ඔහු දෙස එක්වරක් හෝ බැලුවේ නැත.

"ඒ කිස් එක නිසා, ඔයා මාත් එක්ක මෙච්චර තරහින් ද දෙව්... මම තමුසෙට ආදරෙයි කියලා හිතුන නිසානේ කිස් කළේ.. ඒත්... ඔච්චරටම මාත් එක්ක තරහා ද?" දෙව්දාර්ගේ සිතට පැමිණියේ අතිශයින්ම දොම්නසකි.  පෙරදින ඒ හාදුවෙහි වූ මිහිරියාව දැන් ඒ සිතින් ගිලිහී ගොස් ඇත.

රථය නර්සරිය ඉදිරිපිට නැවතුනු විගස දෙව්දාරා ඉන් බැස ගියේ, දෙව්දාර් හට වදනකුදු නොදොඩායි.

දෙව්දාර් ද රථයෙන් බැසගත් නමුත්, ඇය ඔහුව ගණන් නොගෙන ඉදිරියට ඇවිදගෙන ගියේ වරක් ඔහුට රැවුමක් ද පා කොටයි.

එනමුත් එක්වරම දෙව්දාරාගේ අතක් පැටලුණේ දෙව්දාර්ගේ අතකය. ඒ ස්පර්ශයෙන් ඇය පසුපසට විසිවී ගියත්, ඔහු සමඟ කෝපයෙන් සිටී යුවතිය නම් උත්සාහ කළේම ඒ හස්තයෙන් මිදීමටයි. නමුත් දෙව්දාර්ගේ වතෙහි වූයේ ප්‍රේමණීය බවක් පමණකි.

ඔහු ඇයව තමා දෙසට හරවාගත්තේ ද ඒ ප්‍රේමණීය බැල්මෙන් ම වුවත්, ඔහුගේ දිලිසෙන සපත්තු දෙසම බලාගෙන මුව හකුලාගෙන සිටී ඇය නම් ඒ ප්‍රේමණීය බැල්ම නොදුටුවාය. නමුත් එක්වරම යුවතිය තිගැස්සී ගියේ තම නළලත මතට ලැබුණු ස්පර්ශය නිසාවෙනි. උණුසුම් දෙතොල් පහසකින් තම නළලත තෙත්ව යද්දී, දෙව්දාරාගේ දෙනෙත් පියව ගියේ ඉබේටමය.

"තමුසේ තරහා වුණාට මම තරහා නෑනේ..."

දෙව්දාරාගෙන් ඉවත්වූ දෙව්දාර්, ඇයගේ හිසකෙස් විසිරුවා හැර, සිහින් හඬින්ම මුමුණා නැවත වතාවක් රථයට දෙසට ඇවිද ගියේය. එයට  නැගුමට පෙර, නැවත වතාවක් හැරී ඇය දෙස බැලුවේ ඒ දෙනෙත්වල නම් ආදරය මහ ගොඩක් එක්කමයි.

නමුත් ඔහුගේ දෙසට හැරුණු දෙව්දාරා, පෙරටත් වඩා තදින් රවා තම නළලත අත්ලෙන් අතුල්ලා පිසලූවේ, දෙව්දාර්ගේ වතෙහි වූ සිනාව වියකවමිනි. ඔහුගේ දෙනෙත්වලට ද තද රැවුමක් ආරූඪ වූ අතර, දෙව්දාර් රථය පදවාගෙන පිටව ගියේ හිත හොඳින් නම් නොවේ.

Adare da? | ආදරේ ද? (Ongoing)Where stories live. Discover now